தமிழ்
English
Contact
Monday 11th December 2017    
ආවා කල්ලිය හා භිතියේ දේශපාලනය « Lanka Views | Views of the truth

ආවා කල්ලිය හා භිතියේ දේශපාලනය



ආවා කල්ලිය නැවත කරලියට පැමිණ තිබේ. ඒ යාපනයේ කොකුවිල් නන්දුවිල් අම්මාන් කොවිල අසල පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදුන් සිද්ධිය මුල් කරගෙනය. මෙය සරල සිදුවිමක් ලෙස ඉවත දැමිය නොහැක. අප එසේ ප්‍රකාශ කරන්නේ එය වසර ගණනාවක සිට දිග හැරෙන සිදුවිම් පෙළක එක් අදියරක් වන හෙයිනි. මෙය මෙයින් කෙළවර වනවා යැයි සිතිය නොහැක. එම නිසාම එය ඉතාම බරැරුම්ව සිතිය යුතුය යන්න අපගේ අදහසයි.

ආවා කල්ලිය පිළිබදව අසන්නට ලැබුන්නේ 2014 කාලයේ සිටය. එවකට පොලිසිය සදහන් කළ පරිදි එහි නායකයා වන්නේ කුමරේෂන් රත්නම් විනොදන් නැමැති තරුණයාය. පැවසුණු තවත් කරුණක් නම් ඔහුගේ සුරතල් නාමය වු ‘ආවා‘ යන්න කල්ලියේ නාමය බවට පත් වු බවයි. එවකට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වුයේ පුජිත ජයසුන්දරය. ඔහු මේ පිළිබදව පරීක්ෂණ දියත් නොකළේද? නැත්නම් දකුණේ මෙන් අධ්‍යාපනය නැතිව රැකියා නැතිව ජිවිතයේ කිසිත් කරකියා ගත නොහැකිව සිටින තරුණයන්ගේ මංකොල්ලකෑම් සියල්ල එකතුකර ඉතාම භයංකාර කල්ලියක් නිර්මාණය කළේද?  කෙසේවෙතත් පොලිස් පරීක්ෂක ශ්‍රිනිකගේ මෙහෙයවීම යටතේ විනොදන්, කපිලන්, රාසයියා, අන්නලිංගම්, දිවාහරන්, ආදිත්‍ය, ජයචන්ද්‍රන්, සින්නා, ඩයිල් තිබන්, ගෝකුලන් අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය වාර්තාකර සිටියේය.

ඉන්පසු මෑතකදී ආවා කල්ලිය පිළිබදව අසන්නට ලැබුණේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කටිනි. ඒ මොහොතේ රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ ආවා කල්ලිය තමාත් සිටි පසුගිය රජය විසින් නිර්මාණය කළ එකක් බවය. උතුරේ ආණ්ඩුකාරවරයාට අනුව ආවා කල්ලිය යනු හමුදාවට සම්බන්ධ වුවක් නොවේ. එසේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ප්‍රකාශ කළේ ආවා කල්ලිය යනු හමුදාවට හෝ  L.T.T.E යට සම්බන්ධ කල්ලියක් නොවන බවත්, ඔවුන් ජනතාවගෙන් කප්පම් ගන්නා මොටර් සයිකල් කල්ලියක් බවයි. ඉන් අනතුරුව පොලිසිය විසින් ආවා කල්ලයට සම්බන්ධ සැකකරුවන් ලෙස පුද්ගලයන් කිහිපදෙනෙක් ද අත්අඩංගුවට ගත්තේය. එසේම මේ පිළිබදව ආණ්ඩුව නිශ්ශබ්දව කාලය ගත කළේය.

කාලයකට පසු නැවත පොලිස්පති පුජිත ජයසුන්දර ආවා කල්ලිය පිළිබදව මාධ්‍ය ඉදිරියට පැමිණ අදහස් පළ කළේය. ඔහු ප්‍රකාශ කර සිටියේ යාපනයේ කෝපායි කොකුවිල නන්දුවිල් අම්මාන් කෝවිල අසල දී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදුන් පිරිසෙහි ප්‍රධාන සැකකරු ආවා කල්ලියේ සමාජිකයෙක් බවයි. ඔහු හිටපු එල්.ටි.ටී.ඊ සාමාජිකයෙක් බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය. උතුරේ ජනතාවගේ ආරක්ෂාව නාමයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවු බවට ද ඔහු සදහන් කර සිටියේය. මේ වනවිට ආවා කල්ලියේ 06 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. එහි නායකයා සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් “නිශා වික්ටර්“නැමැත්තා යාපනයේදි ද විනෝද්, මනෝජ් හා සිවසුභ්‍රමනියම් යන සැකකරුවන් තිදෙනා පිටකොටුව බස් නැවතුම් පොළේ දී අත්අඩංගුවට පත් වී ඇති අතර එක් අයෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හා අනෙක් දෙදෙනා යාපනය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

දැන් මෙම සිදුවිම් පෙළ ගෙන විමසා බැලිමේදි එක් එක් අවස්ථාවල සිදුවු සිදුවිම්වල නොපැහැදිළිකමක් තිබෙන බව දැකගත හැකිය. මෙම කල්ලිය ඉතා කුඩා කණ්ඩායමකි. ඇසිය යුතු පළමු ප්‍රශ්නය වන්නේ එවැනි කල්ලි දකුණේ නිර්මාණය නොවන්නේද? ඊළග ප්‍රශ්නය වන්නේ එවැනි කල්ලි දකුණේද නිර්මාණය විමට අවශ්‍ය පස නිර්මාණය වන්නේනම් තිස්වරක යුද්ධයෙන් පසු උතුරේ කුමක් සිදුනොවේද යන්නයි. විද්‍යා පැහැරගෙන ගොස් දරුණු ලිංගික වධහිංසාවකට ලක්කර මරා දමනු ලැබිණි. රටේ වෙනත් ප්‍රදේශවලදී විශේෂයෙන් දකුනේ එවැනි දේ නොවන්නේද? ළමා අපචාර සිදු නොවන ශුද්ධ භූමියක් උතුරේ තිබෙනවා යැයි කිසිවෙකුට සිතිය හැකිද? පොලිස්පති පූජිත නින්දෙන් බිය වී නැගිට දොඩවන්නෙකු මෙන් මංකොල්ලකෑම්,මීනිමැරුම් සිදුව තබෙන්නේ එම ශුද්ධ භූමියේයැයි කියන්නාක් මෙන් ආවා කල්ලිය පිළිබද කතා කරයි. ඔහු අවසානයේදි ඒ සියල්ල එල්.ටී.ටී.ඊ. භිතිකාවට බැර කර අවසන් කරයි. උතුර ශුද්ධ භුමියක් නොවේ. යුද්ධය අවසන්කර දැන් ප්‍රශ්නය අවසන් යැයි කියු සැනින් එසේ වන්නේ නැත. කෝ උතුරේ මිනිසුන්ගේ නිදහස? ඔවුන් මිනිසුන්ලෙස පිළිගැනිමට ලක්වූවා යන හැගීම ඔවුන්ට සමීපවි තිබේද? නැත. අධ්‍යාපනය, සෞඛ්‍ය ඔවුන්ගේ ජිවිත අහලකටවත් පැමිණ නැත. ඔවුන්ට ජීවත්විමට රැකියා ලැබී තිබේද? නැත, මේ කිසිත් සිදුව නැත‍. නමුත් ඔවුන් පීඩාවට පත් කරමින් මිලිටර් බලය, බුද්ධි අංශ සැරිසරමින් තිබේ. මහා දැවැන්ත ප්‍රාග්ධන හිමියන්ට ඉඩහසර වෙන් කරන ව්‍යාපෘති නම් ක්‍රියාත්මක වෙමින් තිබේ. නමුත් පීඩිත ජනතාවට හිමිවන්නේ ඛේදවාචකයකින් නිමවන ජිවිත පමණි. එවැනි සමාජයක සිදුවන දේවල් පිළිබදව අමුතුවෙන් සිතිය යුතු නැත.

ඊලග ගැටඵව මතුවන්නේ පොලිසිය ක්‍රියාකරන ආකාරය අනුව පැහැදිළිකරගත හැකිය. ආවා කල්ලියේ සමාජිකයන් එක් අවස්ථාවක අත්අඩංගුවට ද ගෙන තිබේ. ඔවුන් එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ කරමින් ජනතාව බිය වද්දනවා වෙනුවට ඔවුන් පිළිබදව තොරතුරු සොයා නොබැලුවා යැයි කීම විහිඵවකි. පොලිසිය මොවුන් ආගිය මුලගිය තැන් නොදන්නවා යැයි සිතිමට නොහැකිය. සරලව ගත්විට මෙය තෙරුම්ගත හැකිය. උද්ඝොෂණයකදී පොලිසියෙන් අල්වා ගනු ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයකුට කුමන ඉරණමක් අත්වේද? පොලිසිය පළමුව කරණුයේ උසාවියෙන් ඇප ලබා ගැනිමට නොහැකි වන පරිදි චොදනා ගොනු කිරීමය. සිරගතව සිට හෝ ඇප ලැබි පැමිණෙන විට අනිවාර්යෙන් සෑම ඉරිදාවකම පොලිසියේ අත්සන් කිරිමට නියොග කරනු ඇත. වැරදි හෝ එක් දිනක් එසේ පොලසියේ අතසන් කිරිමට නොහැකිවුවහොත් පොලිසියෙන් එම ශිෂ්‍යයා සොයා ඔහුගේ නිවසට යාම සාමාන්‍ය සිරිත වි තිබේ. එසේ වනවිට මොවුන් පිළිබද පොලිසියෙන් කිසිවක් නොකර සිටියේයැයි කියනවා නම් මෙහි සිදුවන්නේ දේශපාලන රංගනයක් මිස වෙනකක් නෙවන බව පැහැදිළිය. එය සනාථ කිරිමට අවශ්‍ය ප්‍රධානම සාධකය වන්නේ මෙම කල්ලියේ සමාජිකයින් දමිළ අය පමණක් නොව සිංහල අය ද විමය. හොදින් නිරීක්ෂණය කළහොත් පෙනියන කාරණය වන්නේ සෑම මොහොතකම එහි සිංහල සාමාජිකයන් පිළිබද කිසිත් නොකියා සිටිමට වගබලා ගැනිමය. එසේ නොකියන හේතුව වන්නේ වෙනකක් නොව එවිට එය එල්.ටී.ටී.ඊ භිතිකාවෙන් වර්ණ ගැන්විම පහසු නොවන නිසාවෙනි. විටෙන් විට දකුණේ මංකොල්ලකෑම් කති. එසේ වනවිට තිස්වසරක යුද්ධයක් තිබු උතුර ගැන කතාකර වැඩක් නැත.  එසේ සිදුවන්නේ කුමක් නිසාද යන්න සොයා නොබලා එය භාවිතා කර එක් පැත්තකින් දකුණේ නැවත යුධ භිතිය වපුරමින් දේශපාලනය කරති අනෙක් පැත්තනේ උතුරේ ජනයාගේ පීඩනය වැඩි කරමින් ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත බවට වන හැගිමත් සමග භීතිය වපුරති. මෙය දේශපාලනයකි. එක් පැත්තකින් මෙය සියුම්ව ජාතිවාදය වපුරමින් සිදුකරන මිනිසුන් මුලා කිරිමේ දේශපාලනයකි. අනෙක් පැත්තෙන් භිතිය වපුරමින් සිදුකරන භිතියේ දේශපාලනයකි.

උතුරේ ගිනි ඇවිලි ගොස් හමාරය. දැන් ඉතිරිව තිබෙන්නේ අඵ ය. නමුත් අඵ මත ක්‍රිඩා කිරීමට සැරසේන පොඩි ළමයින් මෙන් උතුර තම දේශපාලන උපායන්ට නතුකිරිම තරම් සැහැසිවන දේශපාලඥයින් මෙම ක්‍රිඩාවේ නියුතුවිම ආරම්භ කර ඇත. ඊට හොද තොතැන්නක් පොලිය විසින් නිර්මාණය කර දෙමින් තිබේ. උතුරේ ඉතිරිව තිබෙන්නේ අඵ පමණක් නොවන බව මේ ක්‍රිඩාවේ නියුතු වුවන් නොදනිති. ඔවුන් කොක් හඩලා සිනාසෙමින් අඵගෙන ඒ මේ අත විසිකරති. ආවා යනු එක් ගිනි පුළිගුවක් පමණි. ඔවුන්ට ගිනි පුළිගුවක් හමුවි ඇත. දැන් මොවුන් එම ගිනි පුළිගුව ගෙන ඉතා පරිස්සමින් ගෙන ගිනි ඇවිලවිමට සැරසෙයි. ඉන් වාසි ලබන්නන්ට ගිනි පුළිගුව වාසිවුවා සේ ගින්නද වාසියක් වනවා මිස අවාසියක් ගෙනදෙන්නේ නැත. එහෙත් අපි………..




Related News