Posted on 02.21.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
අද දින මදුරෛයි නගරයේදී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට ඉන්දීය ප්‍රකට නළුවකු වන කමල් හසන් සූදානම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පක්ෂයේ නම ලෙස (Tomorrow is ours) හෙට අපගේය යන්නවේ.
දහස් ගණනක් ඔහුගේ රසික රසිකාවියන් හා විශේෂ ආරධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිය පක්ෂයේ මංගල හමුව අද දින තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ ඔතාකාදෙයි හිදී ආරම්භ කරන බව එම වාර්තා පෙන්වාදේ.
මෙම නව දේශපාලන පක්ෂය පිහිටුවීමේ අරමුණ වන්නේ මේ වන විට තමිල් නාඩු ප්‍රාන්තයේ පවතින දේශපාලන පක්ෂ බොහොමයක් ජාතිවාදී හා වංචා දූෂණවලට සම්බන්ධ බවත් එම තත්වයට එරෙහිව නව දේශපාලන පක්ෂය ගොඩනැගීම කමල් හසන් අදහස් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩුවේ බොහෝ දේශපාලන පක්ෂවල නායකත්වය ගෙන ඇත්තේ එරට සිනමාවේ සිටි ජනප්‍රිය නළුවන් හා නිළියන්ය.
දශක කිහිපයක සිට විශේෂයෙන් තමිල්නාඩුවේ හා ඉන්දීය දේශපාලඥයින්ට විවිධ විචේන ගෙන එමින් රගදැක්වූ රංගන භූමිකාව තරම් කමල් හසන්ට නව දේශපාලන පක්ෂය ආරම්භ කිරීමෙන් පටන් ගන්නා දේශපාලන රංගනය සරල නොවනු ඇත.