தமிழ்
English
Contact
Tuesday 27th February 2018    
ඊජිප්තුවට ගෑස් ලබාදීමට ඊශ්‍රායලය ගිවිසගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඊජිප්තුවට ගෑස් ලබාදීමට ඊශ්‍රායලය ගිවිසගනී



ඊශ්‍රායලයට අයත් නොගැඹුරැ මුහුදේ පිහිටුවා ඇති ගෑස් කැනීම් මගින් ලබා ගන්නා ස්වාභාවික ගැස් ඊජිප්තුවට ලබාදීමට දෙරටේ සාමගම් විසින් ගිවිසුම් අත්සන් කර ඇති බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත.

සිය රටට අවශ්‍ය විදෙස් විනිමය ලබා ගැනීමේ මූලික අරමුණෙන් මෙම වෙළද ගනුදෙනුව පවත්වන බව ඊශ්‍රායල් අගමැතිවරයා ඊයේ පවසා තිබේ. ඊජිප්තුව ඊශ්‍රායලය සමග 1979 වසරේ සිට සාම ගිවිසුමක් අත්සන් කළ පළමු අරාබි රටද වෙයි.

මෙම ගිවිසුම අනුව ඊජිප්තුවට ඊශ්‍රායල් බලශක්ති සමාගම වන ඩෙලාක්  විසින් ඩොලර් බිලියන 15ක් වටිනා ගෑස් ලබා දීමට එකගවී තිබේ. මැදපෙරදිග රටවල් බොහොමයක් ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය මුල් කරගෙන ඊශ්‍රායලය සමග වෙළද හා අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු සීමා කර තිබේ.

එසේ තිබියදී ඊජිප්තුව සෙසු අරාබි රටවල්වල ඉල්ලීම්ද නොතකා ඊශ්‍රායලය සමග සමීප වෙළද හා අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වනු ලබයි. මෙම ක්‍රියා කලාපය අසල්වැසි ආරබි රටවල වෙසෙන ජනතාවගේ අප්‍රසාදයට ලක්වේ.




Related News