தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ඊශ්‍රායෙල් අගනුවර ජෙරුසෙලම බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි « Lanka Views | Views of the truth

ඊශ්‍රායෙල් අගනුවර ජෙරුසෙලම බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි



ජෙරුසෙලම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රර්ම් විසින් කරන ලද මෙම මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් පලස්තීන වැසියන් හා එරට වෙසෙන ක්‍රිස්තියානුවන්ගේද දැඩ් අප්‍රසාදයට ලක්ව ඇත. අද දින කරන ලද මෙම ප්‍රකාශයත්  සමග පලස්තීන ෆාටා සංවිධානයේ නායක පලස්තීන අධිකාරියේ අගමැති ලෙස කටයුතු කරන මොහොමඩ් අබ්බාස් ප්‍රකාශයක් කරමින් ජෙරුසෙලම යනු පලස්තීනයේ සදාකාලික අගනරය බව ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ගේ මෙම ප්‍රකාශය සමග ව්ශේෂයෙන් මැදපෙරදිග හා ලොව අනෙකුත් රටවල වෙසෙනෙ මුස්ලීම් ජනතාව සිය බලවත් අප්‍රසාදය එල්ල කරමින් සිටන බව විදෙස් මාධය වාර්තා කරයි. ට්‍රම්ගේ මෙසේ ජෙරුසෙලම ඊශ්‍රයලයේ අගනුවර ලෙස නම් කිරීමෙන් පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්වය තවත් බැරෑරුම්වනු ඇත.

අද දින ඩොනලඩ් ට්‍රම්ප් විසින් ජෙරුසෙලම ඊශ්‍රායලයෙ අගනුර බවට ප්‍රකාශය කරන බව හෙලිව තිබුනි. මෙම ප්‍රවෘත්තියත් සමග තුර්කි ජනාධිපති එර්ඩොගන්ද සිය අප්‍රසාදය සෘජුවම පළකරමින් පවසා ඇත්තේ  ලොව පුරා මුස්ලිම් ජනතතාවගේ වෛරයට පාත්‍රවනු ඇති බවයි.

1948 වසරේ ඊශ්‍රායලය බිහිකළ දා සිට කිසිදු රටක් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස  නිල ලෙස පිලිගෙන නොතිබුනි. අද දින ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ප්‍රථමවරට නිල ලෙස ජෙරුසෙලම ඊශ්‍රායෙල් අගනුවර ලෙස පිළිගන්නා ලදී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ගේ සිට ලොව පුරා විවිධරටවල නායකයින් විසින් මෙම නිවේදනය පිළිබදව සිය කණස්සල්ල පළකර ඇත.

පලස්තීනය හා ඊශ්‍රායලය යන දෙපාර්ශවයේම යම් එකගතාවයක් නොමැතිව සිදුකරනු ලබන මෙවැනි ප්‍රකාශ විසින් මෙම ගැටලුව තවත්බැරෑරැම් හා සංකීරණ වනු ඇති බවයි.

මැද පෙරදින මේ වනිවිට මතුව ඇති අර්බූදයන් මෙම නම් කිරීමත් සමග තවත් උග්‍රවනු ඇතිබව දේශපාලන විශ්ලේශකයෝ මත පළකරති.




Related News