தமிழ்
English
Contact
Thursday 14th December 2017    
උතුරු කොරියාවට එරෙහිව යුද්ධයකට නොයන්නැයි – රුසියානු විදේශ ඇමැති කියයි « Lanka Views | Views of the truth

උතුරු කොරියාවට එරෙහිව යුද්ධයකට නොයන්නැයි – රුසියානු විදේශ ඇමැති කියයි



උතුරු කොරියාවට එරෙහි යුද ක්‍රියා මාර්ගයක් එක්සත් ජනපදය ගතහොත් එය බරපතල අත්වැරැද්දක් වනු ඇති බව රුසියානු විදේශ අමැති සර්ජි ලෙව්රොව් ට අනතුරු අගවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි පවසයි.

ඔහු ඒ බව පවසා සිටියේ රෝමයේ සංචාරයක නිරතව සිටින අතරතුරදීො මධ්‍ය වෙත සිය අදහස් දක්වමින්ය. යම් කෙනෙකු උතුරු කොරියාව විනාශ කිරීමේ අරමුණෙන් එරටට එරෙහිව යුද ක්‍රියා මාර්ගයක් ගන්නනේ නම් එය ඔවුන් සිදු කරගන්නා බරපතල වැද්දා ගැනීමක්වනු ඇති බවත් එය ගින්දර සමග සෙල්ලම් කිරීමක් ලෙස සැලකිය යුත් බවයි. රුසියනු විදේශ  ඇමැතිවරයා එහිදී පවසා ඇත.

උතුරු කොරියාවයාව ආසන්නයේ මෑතක සිට එක්සත් ජනපදය,ජපානය හා දකුණු කොරියාව විසින් දියත් කර ඇති ප්‍රකෝපකාරී යුද අභ්‍යාසවලින් කෙරෙන්නේ තත්වය තවත් නරක අතට පත් කිරීම බවත්  උතුරු කොරියාව සමග මතුව ඇති මෙම ගැටලුව රාජතාන්ත්‍රික හා  රුසියානු විදේශ ඇමැතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ අදහස පළ කර ඇත්තේ පසුගිය අගහරුවාදා නව මිසයිලයක් උතුරු කොරියාව විසින් අත්හදා බැලීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවැති සාකච්ඡාවකදී එක්සත් ජනපද නිත්‍ය නියෝජිත නිකී හෙයිලි විසින් දක්වා ඇති අදහස් සම්බන්ධයෙනි.

එක්සත් ජනපද නියෝජිත පසුගිය බදාදා උතුරු කොරියාව විසින් නවතම මිසයිලය අත්හදා බැලීමත් එම මිසයිලයට එක්සත් ජනපදයේ ඉලක්ක වෙත ළගාවීමට ඇති හැකියාව හේතුවෙන් ඒ පිළිබදව සිය අදහස් දක්වමින් ඇය ආරක්ෂක මණ්ඩලයේදී පවසා ඇත්තේ යුද්ධය පැමිණියහොත් උතුරු කොරියානු රෙජිමය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කටයුතු කරන බවයි.

බවයි.

අර්බුදකාරී තත්වය පැන නැගි උතුරු කොරියාව ආසන්න කොරියානු අර්ධද්වීපය ආසන්න රටවල් වන හා දකුණු කොරියාව හා ජපානය පමණක් නොව උතුරු කොරියානු දේශසීමාවට රුසියානු හා චීනයේ දේශසීමා සම්බන්ධ බව කිසිවකු අමතක නොකළ යුතු බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

මෙම අනතුරු අගවීමෙන් රුසියානු විදේශ අමැතිවරයා කරනු ලබන ඇගවුම කුමක්ද එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව ඉලක්කකර ප්‍රහාරයක් එල්ල කළහොත් සෘජුව රුසියාව හා චීනයද එම යුද්ධයට පැටලෙන බවට වන පූර්ව සංඥාවකි.

එක්සත් ජනපදය චීන මුහුදු කළාපය තුල කරනු ලබන මැදිහත්වීම්වලට චීනයද එතරම් කැමැත්තක් නොදක්වයි. කෙසේ වෙතත් රුසියානු විදේශ ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය එක්සත් ජනපදයට නොසලකා කටයුතු කිරීමට නොහැකිවනු ඇත.