தமிழ்
English
Contact
Thursday 14th December 2017    
උතුරු කොරියාවට එරෙහි එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක « Lanka Views | Views of the truth

උතුරු කොරියාවට එරෙහි එ.ජා. ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක



උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් සම්බාධක පැනවීමට තීරණය කරයි. ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සැසිවාරයෙන් අනතුරුව උතුරු කොරියාවට නව සම්බාධක පැණවිය යුතු බවට යෝජනවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය කාලය තුල නව මිසයිල අත්හදා බැලීම් හා සිය න්‍යෂ්ඨික වැඩසටහන් දිගින් දිගටම කරගෙනයෑම පිළිබදව උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැණවීමට කටයුතු කළයුතු බවට ආරක්ෂක මණ්ඩලයට යෝජනා ගෙනවිත් ඇත‍.මෙම යෝජනා ගෙන ඒමට කටයුතු කර ඇත්තේ එක්සත් ජනපදය හා ජපානය හා දකුණු කොරියානු රටවල් විසිනි.

රුසියාව හා චීන මේ පිළිබදව පවසා ඇත්තේ සම්බාධක පැනවීම මගින් පමණක් මෙම සංකීර්ණ ප්‍රශ්නය විසදාගැනීමට නොහැකි බවත් උතුරු කොරියාව සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කරනු ලබන මැදිහත්වීමක් මගින් මෙය විසදා ගැනීමට මැදිහත්විය යුතු බවයි.

ඒ වගේම එක්සත් ජනපදය, ජපානය හා දකුණු කොරියාව විසින් කොරියානු අර්ධද්වීපයේ උත්සන්න කරමින් පවතින යුද පීඩනයද මෙම තත්වයට හේතුවී ඇති බවයි.

විශේෂයෙන් මෙවර සම්බක පනවා ඇත්තේ උතුරු කොරියාවෙන් අපනයන කරනු ලබන ගල් අගුරු, යපස්, යකඩ, වානේ හා මුහුදු ආහාර යන ද්‍රව්‍ය මතය.