தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
ලාස් වේගාස් වෙඩි තැබීමෙන් 50 දෙනෙකු මියයති, 200කට තුවාල « Lanka Views | Views of the truth

ලාස් වේගාස් වෙඩි තැබීමෙන් 50 දෙනෙකු මියයති, 200කට තුවාල



ලාස් වේගාස් වෙඩි තැබීමෙන් පුද්ගලයෝ 50 දෙනෙකු මියගොස් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති සංගීත සංදර්ශනයක් නරඹමින් සිටි ජනතාව ඉලක්කර සිදු කළ වෙඩි තැබීමකින් මෙම පිරිස මියගොස් ඇති බව වාර්තාවේ.

සංගීත සංදර්ශනය පැවැති ස්ථානයට ආසන්නයේ පිහිටි  මැන්ඩෙලේ බේ හෝටලයේ 32 තට්ටුවේ සිට වෙඩි තැබීම සිදුකර ඇති බව මේවන විට අනාවරණයවී තිබේ. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාට පොලිස් තැබූ වෙඩි පහරින් මියගොස් ඇති බව වාර්තාවේ.

ලාස් වේගාස් යනු ලොව සංචාරකයින් වැඩියෙන්ම පැමිණෙන සංචාරක මධ්‍යස්ථානය ලෙස සැලකේ. විශේෂයෙන් කැසිනෝ ව්‍යාපාරයට ඇලුම්කරන සංචාරකයින්ගේ එක්සත් ජනපදයේ ඇති ජනප්‍රියම නවාතැන්පොල ලෙස ලාස් වේගාස් සැලකේ.

එක්සත් ජපනදය තුල 1991 වසරින් පසුව සිදුවූ සමූහ වෙඩි තැබීමකින් වැඩිම පිරිසක් මියගිය හා තුවාල ලැබූ සිද්ධිය මෙය බවද වාර්තාවේ.




Related News