தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ඉල්ලා අස් වේ. « Lanka Views | Views of the truth

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ඉල්ලා අස් වේ.



ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා සිය සභාපති සහ උපදේශක  ධූරයන්ගෙන් ඉල්ලා අස්වෙන බව දන්වමින් ලිපියක් ක්‍රිකට් ආයතනයට ලබා දීමට මේ වන විට කටයුතු කර ඇත.

පෞද්ගලික හේතුවක් මත මෙම තීරණයක් ගත් බව ඔහු විසින් සදහන් කර සිටී. කෙසේ වෙතත් පසුගියදා ඔහුගේ අනුදැණුමකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ඇලන් ඩොනල්ඩ් පත් කිරීම හා චැම්පියන්ස් කුසලාන තරගාවලියට අදාළ නිලධාරීන් පත් කිරීම සම්බන්ධව සිය කනස්සල්ල පල කර තිබුණි.

කෙසේවෙතත් මේ වන තෙක් මෙම ඉල්ලා අස්වීම පිළිගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණයක් ගෙන නොමැති බව එම ආයතනය පවසයි.




Related News