தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
කැටලෝනියාව ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කිරීමට යයි « Lanka Views | Views of the truth

කැටලෝනියාව ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කිරීමට යයි



 

කැටලෝනියා නිදහස සදහා පැවැති ජනමත විචාරණය ජයගත් පසු සිය ස්වාධීනත්වය ප්‍රකාශකිරීමට කැටලෝනියා ප්‍රාන්ත පාලනය සුදානම් වේ.

මේ වන විට ස්පාඤ්ඤයේ ඇතිව තිබෙන ව්‍යවස්ථා අර්බූදය තවත් උගු අතට හැරෙමින් තිබෙන බව වාර්තාවේ. පසුගිය පළමු වැනි දින සිය ස්වාධීනත්වය සදහා කැටලෝනියා ප්‍රාන්ත පාලනය විසින් පැවැත්වූ ජනමත විචාරණයයේ ප්‍රථිඵලය වූයේ මධ්‍යම රජයෙන් වෙන්වීම සදහා 90%ක අනුමැතිය ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

විශේෂයෙන් එම ජනමත විචාරණය පැවැත්වීම නිතී විරෝධී බව ස්පාඤ්ඤ ව්‍යවස්ථා අධිකරණය මගින් නියෝගයක්ද පනවා තිබුනි. නමුත් එම නියෝගයන් සිය ජනමත විචාරණය අවලංගු කිරීම අදාල නොවන බව කැටලෝනියානු ප්‍රාන්ත පාලනය තීරණය කිරීමත් ඉන් පසුව අදාල ජනමත විචාරණය පැවැත්වීමට කටයුතු කළේය.

ජනමත විචාරණය පැවැත්වූ ඔක්තෝබර් පළමු වැනි දින ස්පාඤ්ඤ ෆෙඩරල් පොලීසිය විසින් එම ජනමත විචාරණය වැළක්වීමට බලය යොදවා ක්‍රියා කිරීම හේතුවෙන් කැටලෝනියානු වැසියන් 800ක් පමණ විවිධ පහරදීම් හා හිරහැරවලට ලක්විය.

මෙසේ ස්පාඤ්ඤ ෆෙඩරල් ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබදව දැඩි විවේචන එල්ලවන්නට විය. එම පහරදීම්වලට එරෙහිව කැටලෝනියා අගනුවර වන බාසිලෝනා හා සෙසු නගරවල ඒකාබද්ධ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ලෙස එක් දින විරෝධතාවක් සදහා සියලු ආයතන වැඩ වර්ජනයක් කරමින් ජනමත විචාරණය වැළැක්වීමට ස්පාඤ්ඤ මධ්‍යම රජය දැරෑ උත්සාහයට විරෝධය පළකර තිබුනි.

එළැඹෙන සදුදා දින සිය කැටලෝනියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුල ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමටත් එය අනුමත වූ පසු තම ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කරන බව කැටලෝනියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ජනාධිපති කාල්ස් පුයිජ්ඩිමවුන්ට් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් මෙම වත්මන් තත්වය පිළිබදව ස්පාඤ්ඤ මධ්‍යම රජයේ අගමැතිවරයා වන මරියානෝ රජෝයිස් පවසා ඇත්තේ මෙය ප්‍රතික්ෂේප කරන බවයි. සියලු දෙයට පෙර නීතිමය මාර්ගයට පැමිණිය යුතු බව අවධාරණය කර ඇත. 1978 ස්පාඤ්ඤ ව්‍යස්ථාවට අනුව ප්‍රාන්ත පාලනයන්ට ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට නීතිමය ඉඩක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.