தமிழ்
English
Contact
Monday 11th December 2017    
චනොබීල්හි නව සංචාරක නේවාසිකාගාරයක් විවෘත කරයි « Lanka Views | Views of the truth

චනොබීල්හි නව සංචාරක නේවාසිකාගාරයක් විවෘත කරයි



එවකට සෝවියට් පාලනය සමයේ ලොව දරුණුම න්‍යෂ්ඨීක ව්‍යසනය ලෙස චෝනොබීල් න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරීම සැළකුනි. මෙම පිපිරීම එරට සිදුවූ අතිශය දරුණු මානව ඛේදවාකයක් ලෙස ඉමහත් ආන්දෝලයට ලක්විය.

නැවතත් චෝනෝබීල් වෙත ලොව පුරා ජනතාවගේ අවධානය යොමුවන තත්වයක් උදා වෙමින් තිබේ. මන්ද චෝනෝබීල් බලාගාරය ආසන්නයේ සංචාරක නේවාසික කදවුරක් අලුතින් ආරම්භ කිරීමට වත්මන් යුක්රේන පාලකයින් කටයුතු කර ඇත.

මෙම නේවාසික කදවුර මගින් චෝනෝබීල් ව්‍යසනය පිළිබදව සැබෑ තතු දැනගැනීමේ අරමුනෙන් එහි නේවාසිකව සිටිමින් අධ්‍යයනයක යෙදීමට හැකිසේ මෙම නේවාසිකාගාරය සකසා ඇත.

එය එරට නව සංචාරක ආකර්ශනය ලබා ගැනීමේ වැඩපිලිවෙලක තවත් කොටසක් බවට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Related News