தமிழ்
English
Contact
Friday 23rd February 2018    
ජනමත ප්‍රථිපළ අත්හිටුවා ඉරකය සමග සාකච්ඡා කරනවා- කුර්දි පාලනය පවසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනමත ප්‍රථිපළ අත්හිටුවා ඉරකය සමග සාකච්ඡා කරනවා- කුර්දි පාලනය පවසයි



ස්වාධීනත්වය සදහා පැවැත්වූ ජනමත විචාරණයේ ප්‍රථිපළ අත්හිටුවා ඉරාක රජය සමග සාකච්ඡා මගින් ප්‍රශ්නය විසදා ගැනීමේ වෑයමක කුර්දිස්ථාන් ප්‍රාන්ත පාලනය නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඇතිව තිබෙන යුද ගැටුම් වාතාවරණය වහාම අත්හිටුවීමේ අදහසින් මෙම යෝජනාව ගෙන එන බව කුර්දිස්ථාන් ප්‍රාදේශීය පාලනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පසුගිය සැප්තැම්බර් මස 25 වැනි දින පැවැත්වූ ස්වාධීනත්වය සදහා වන ජනමත විචාරණයේ ප්‍රථිපළ අත්හිටුවා දෙපාර්ශ්වය අතර පැන නැගී ඇති දේශපාලන අර්බූදය විසදා ගැනීමේ අරමුණෙන් ඉරාක කුර්දිස්ථාන් ස්වයං පාලන ඒකකයේ ප්‍රධානීන් ඉරාකය වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

පසුගියදා පැවැති ජනමත විචාරණය හේතුවෙන් ඉරාකය හා කුර්දිස්තාන් ප්‍රාදේශීය පාලනය අතර බරපතල දේශපාලන අර්බූදයක් පැණ නැගුනි. එහි අවසන් ප්‍රථිපළය වුයේ 2014 වසරේ සිට කුර්දි සටන්කාමීන් විසින් උතුරු ඉරාකයේ අත්පත් කරගෙන සිටි කිර්කුක් නගරය හා තවත් ප්‍රදේශ ගණනාවක් ඉරාක හමුදා මැදිහත්වීම් හරහා නැවත ඉරාක පාලනයට නතු කරගැනීමයි.

මෙම ප්‍රෙද්ශ අත්පත් කර ගැනීමේදී දෙපාර්ශ්වය අතර දරුණු යුද ගැටුම් ඇති විය. මේ හේතුවෙන් එම ප්‍රදේශය තුල පැවැති සාමකාමී ජීවන තත්වය අවසන්ව නැවත සිවිල් යුද තත්වයක් දක්වා පරිවර්තනය වෙමින් තිබේ.

කෙසේ වෙතත් මෙම දේශපාලන ගැටලුව විසිදා ගැනීමේ අරුමුණෙන් කුර්දිස්ථාන් බලධාරීන් විසින් නව යෝජනාව ඉදිරිපත් කර ඇත. පසුගිය දා පැවැති ජනමත විචාරණයේ ප්‍රථිපළය වූ වෙනම ස්වාධීන කුර්දිස්ථාන් පාලනයක සදහා බහුතර ජනයාගෙ කැමැත්ත මෙම යෝජනාව අනුව තාවකාලිකව අත්හිටුවීමට කුර්දි බලධාරීන් ඉරාක රජය වෙත යෝජනා කර ඇතැයි වාර්තාවේ.