தமிழ்
English
Contact
Thursday 14th December 2017    
නේපාල මහමැතිවරණයේ පළමු අදියර අද « Lanka Views | Views of the truth

නේපාල මහමැතිවරණයේ පළමු අදියර අද



අදියර දෙකකින් යුත් නේපාල මහ මැතිවරණයේ පළමු අදියර අද දින ආරම්භවිය. මේ සදහා එරට ඡන්දදායකයින් මිලියන 15ක් ඡන්දයදීමට සුදුසුකම් ලබා ඇති බව එරට මැතිවරණ කාර්යාංශය පවසයි.

අද දින මැතිවරණය පවත්වනු ලබන්නේ නේපාලයේ අති දුෂ්කර කදුකර හා දුෂ්කර දේශගුණික තත්වයන් පවතින දිස්ත්‍රික්ක 32කයි. දෙවැනි අදියරේදී ඉතිරි දිස්ත්‍රික් 45ක් ආවරණය කරමින් මැතිවරණ කටයුතු ලබන මස 07 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. නේපාලයේ සිවිල් යුද තත්වය අවසන්වීමෙන් පසුව පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වෙයි.

නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 275 දෙනෙකු මෙම මැතිවරණයෙන් තෝරා ගැනීඹට නියමිතව තිබෙන අතර ඊට අමතරව පළාත් ආණ්ඩුවල නියෝජිතියින්ද මෙම මැතිවරණයෙන්ම තෝරාගැනීමට නියමිතව තිබේ. මෙම මැතිවරණයේදී නේපාල කොංග්‍රස් පක්ෂය හා සංධාන ගතව මාවෝවාදී පක්ෂය හා එක්සත් මාක්ස් ලෙනින් පක්ෂය ප්‍රධාන මැතිවරණ සංධානය ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත්ව ඇත.

වසර දහයක් තිස්සේ පැවැති නේපාල සිවිල් යුද තත්වය මේ වන විට අවසන්ව ඇති අතර මාවෝවාදීන් කණ්ඩායම්ද මෙම මැතිවරණයේදී සිය අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇත. මෙම මැතිවරණය නේපාල නව ව්‍යවස්ථාව යටතේ පවත්වනු ලබන පළමු මැතිවරණයද වන්නේය.

2015 වසරේ එරට ඇතිවූ දරැණු භුමිකම්පාවෙන් පසුව මේ දක්වා රට තුල අත්‍යාවශය ගොඩනැගීම් හා අනෙකුත් යටිතල පහසුකම් ගොඩනැගීමේ අභියෝගයක් පවතී. ඉදිරියේදී පත්වන නව ආණ්ඩුවට මුහුණදීමට සිදුවන ප්‍රධාන අභියෝගයන් ගෙන් එකක් වන්නේද රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමයි.

මෙම මැතිවරණයේදී ප්‍රධානප්‍රෙතිවාදීන් වන්නේ නේපාල කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සාම්ප්‍රදායික රාජාණ්ඩුවාදීන්ගේ සංධාන‍ය හා නේපාල වාමාංහික පක්ෂයන් ගෙන් සැදුම්ලත් වාමාංහික පෙරමුණත් අතරය. වමේ සංධානයට මාවෝවාදී පක්ෂය හා නේපාල කොමියුනිස්ඨ පක්ෂය හා එක්සත් මාක්ස් ලෙනින් පක්ෂ පසුගිය ඔක්තෝබර් මසදී ඇති කරගෙන තිබෙන වාමාංශික පෙරමුණ අතරය. මෙවර  ප්‍රධාන මැතිවරණ සටන පවතින්නේ මෙම සංධානයක් දෙක අතරය.




Related News