தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
පාකිස්ථානය පරදා පළමු ටෙස්ට්  තරගය ශ්‍රී ලංකාව ජයගනී « Lanka Views | Views of the truth

පාකිස්ථානය පරදා පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගනී



අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්ථානය පරදා ලකුණු 21ක තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනාම දැවී ලකුණු 419ක් රැස්කිරීමට සමත්විය. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155ක්ද,දිමුත් කරුණාරත්න ලකුණු 93ක්ද, නිරෝෂන් දික්වැල්ල ලකුණු 83ක්ද, දිල්රුවන් පෙරේරා ලකුණු 33ක් රැස්කිරීට සමත්විය.

පාකිස්ථාන පන්දු යවන්න වූ මොහොමඩ් අබ්බාස් කඩුලු 3ක්ද, සහීර් ෂා කඩුළු 3ක්ද, හසන් අලී කඩුළු2ක්ද දවා ගැනීමට සමත්විය. පාකිස්ථාන පළමු ඉනිම වෙනුවෙන් මසූඩ් ලකුණු 59ක්ද,අස්ලාම් ලකුණු51ක්ද, අස්හාර් ලකුණු 85ක්ද, අමීර් ෂොහීල් 76ක් ලබා ගනිමින් පාකිසථාන ලකුණු ප්‍රමාණය 422ක් දක්වා ඉහළ දැමීමට දායක විය. පාකිස්ථාන කඩුළු 5ක් දවා ගැනීමට රංගන හේරත් සමත්විය.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකිවූයේ සියලු දෙනාම දැවී ලකුණු 138ක් පමණි. එහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 40ක්ද, කෞෂළ්‍ය සිල්වා ලකුණු 25ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 18ක්ද. සුරංග ලක්මාල් 13ක්ද ලබා ගැනීමට සමත් විය.

මේ තත්වය පාකිස්ථානයට ඉතා වාසිසහගත විය. පළමු ඉනිමේ ලකුණු ලකුණු හතරක වාසියද සමග සිය ඉනිම ආරම්භ කළ පාකිස්ථානයට අවසන් දිනෙය් ලකුණු 136ක ඉතා පහසු ඉලක්කයක් හඹා යෑමට තිබුනත් සිය ෙදවන ඉනිම ලකුණු 114කට සීමා කිරීමට හී්‍ර ලංකා පන්දුයන්ෙනා් සමත්විය. විෙශ්ෂෙයන් රංන ෙඒ්රත් පාකිස්ථානුවන්ට ලකුණු 43 පමණක් ලබාදී කඩුළු 6 ක් දවා ගැනීමට සමත්විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සිය ටෙස්ට් දිවියේ කඩුළු 400යේ කඩ ඉමද පසු කිරීමට සමත්විය.

ෙදවන ෙටස්ට් තරගය ලබන සිකුරාදා ඩුබායි හීදී අාරම්භ වීමට නියමිතව අැති බව වාර්තාෙව්.




Related News