Posted on 02.22.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පාකිස්ථාන මුස්ලීම් ලීගයේ නවාෂ් පාර්ශවයේ නායකත්වයෙන් එරට හිටපු අගමතිවරයකු වූ නවාශ් ෂෙරීෆ්ව ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කර ඇති බව වාර්තාවේ. මේ අනුව සිය පක්ෂයේ නායකත්වය නවාශ් ෂෙරීෆ්ගෙන් ඉවත් කර ඇත. මෙම නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇත්තේ වංචා හා දූෂණ චෝදනා එල්ලවීමෙන් පසු මීට වසරකට පෙර නවාෂ් ශරීෆ්ව එරට අගමැතිධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව සිදු කරන ලද විමර්ශනවලින් පසුව කිසිදු දේශපාලන පක්ෂයක නිලතල දැරීමටද නොහැකිවන ලෙස හ්‍රේෂ්ඨාධිකරණය විසින් නවාෂ් ශෙරීෆ්ට එරෙහිව නියෝග පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට වංචා විමර්ශන අංශ විසින් මෙම චෝදනාවන් පිළිබදව සොයා බලා ඔහුට එරෙහිව කටයුතු කිරීමට එරට නීති අංශවලට දන්වා සිටියේය.
අගමැතිධුරයෙන් ඉවත් කිරීමෙන් වසරකට පසුව සිය පක්ෂයේ නායකත්වයද අහිමිවූයේ සිය නිලතල භාවිතා කරමින් අයථා ව්‍යාපාරකටයුතු සදහා සිය පවුලේ අයට සහයෝගය ලබා දීම හේතුවෙනි.
පාකිස්තානයේ දේශපාලන බලය සිය පවුලේ ව්‍යාපාරයන් සදහා අයථා ලෙස භාවිත කර ඇත්තේ නවාෂ් ශිරීෆෟ පමණක් නොවේ. මීට පෙර සිටි බෙනාෂීර් බූතෝටද එම චෝදනා එල්ලවී තිබුනි.