Posted on 01.20.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
හිටපු පාපන්දු ක්‍රීඩක පේලේ රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචිය බොරුවක් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
බ්‍රසීලයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වන පේලේ පසුගිය දිනවල සිට රෝහල් ගත කර ඇති බවට ලොවපුරා මාධ්‍යවල වැරදි ප්‍රචාරයක් සිදුව ඇති බවත් මේ වන විට ඔහු සිය නිවසේ හොදින් සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ජෝසේ ෆෝනෝස් පවසා ඇත.
මෙම සති අන්තයේ ලන්ඩන් නුවර පාපන්දු ලේඛකයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතව ඇති රාත්‍රී භේජන සංග්‍රහයට ආරධනා ලැබ සිටින නමුත් එම හමුව සදහා සහභාගීවීමට ඔහුට නොහැකි වනු ඇති බව පවසන ජෝසේ ෆෝනෝස් වෙහෙසකාරී දිගු ගුවන් ගමනකට යෙදීම ඔහුගේ ශරීර සෞඛ්‍යට එතරම් හිතකර නොවන බවද වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ වන විට 77 හැවිරිදි පේලේ පසුගිය වසර කිහිපයක සිට වකුගඩු රෝගයකින් පෙළේ.
බ්‍රසීලය වෙනුවෙන් ලෝක පාපන්දු ශුරතාවන් තුනක් ජය ගැනීමටදායක වූ එකම ක්‍රීඩකයා වන්නේ පේලේය. ඒ වසර 1958,1962 හා 1970 යන වසර වලදීය. ලෝක පාපන්දු සම්මේලනය විසින් මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාව සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙසද නම් කළේය.
ලොවපුරා පාපාන්දු ක්‍රීඩා ලෝලීන්ගේ ඉමහත් ජනාදරයට පත්ව සිටින මෙම ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයා මෙතෙක් ලොව බිහිවූ හොදම පාපාන්දු ක්‍රීඩකයා ලෙසද හදුන්වනු ලබයි.