Posted on 01.30.2018 by Madanayaka in ක්රීඩා පුවත් with 0 Comments
ශ්‍රී ලංකාව බංග්ලාදේශය හා සිමිබාබ්වේ කණ්ඩායම් අතර පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පසුගිය 27 වැනිදින මීර්පූර්හි පැවැත්විනි.
එම අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරදා කුසලාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරග ගණනාවක පරාජයන් ගෙන් හෙම්බක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් මෙම ජයග්‍රහණයත් සමග හිමිවිය.
මෙම තුන් කොන් තරගාවලිය නව පුහුණුකරු වන චන්දික හතුරුසිංහගේ මෙහෙයවීමෙන් පසුව මුහුණ දුන් පළමු තරගාවලිය වේ.
පසුගිය 27 වැනිදින මීර්පූර්හි පැවැති අවසන් මහ තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 222 ක් පසුපස හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41.1ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙහිදී නවක පන්දු යවන්නා වූ ශෙහාන් මදුශංක සිය මංගල තරගයේදිම කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීමට සමත්විය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි. අවසන් තරගය ලකුණු 79 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
ශ්‍රී ලංකා කණඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 221 ක් පමණි. නිරෝෂන් දික්වැල්ල ලකුණු42ක්ද, උපුල් තරංග ලකුණු 56ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 45ක් ලබා ගැනීමට සමත්විය.
සිය ජයග්‍රහණය සදහා ඉලක්කයවූ ලකුණු222ක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන්ටද පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාවක් නොවුනි.
මෙම පීඩනය හමුවේ සිය පිතිකරුවන්ට ස්ථාවර ඉනිමක් ගොඩ නගා ගැනීමට ඉඩක් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලබා නොදුන්හ. යම් හෝ අභියෝගයක් ලබා දෙමින් ලකුණු 76ක් ලබා ගැනීමට සමත්වූයේ මහමුල්ලා පමණි. ඔහු සිය වෑයම අවසානයේ දැවී යන තෙක්ම අතනොහැරියේය.