Posted on 12.16.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
බ්‍රසීල පාපන්දු සම්මේලනයේ සභාපතිගේ සේවය දින 90ක් දක්වා අත්හිටුවීමට ජාත්‍යන්තර පාපාන්දු සම්මේලනය (Fifa) ඊයේ තීරණය කර ඇතැයි වාර්තාවේ.
වසර 2003 සිට මේ දක්වා බ්‍රසීල පාපන්දු සම්මේලන්යේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ මාකෝ පෝලෝ ඩෙල් නේරෝය.
පසුගිය කාලය තුල බ්‍රසීය පාපන්දු සම්මේලනයේ සිදුව ඇති බරපතල මූල්‍ය වංචා හා විවිධ අක්‍රමිකතා හේතුවෙන් මෙසේ මාකෝ පෝලෝගේ වගකීම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.
එක්සත් ජනපදය විසින් 2015 වසරේ කරනු ලද විමර්ශණයකින් පසුව මාකෝ පෝලෝට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා එල්ලවී තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා තිබේ. මේ අනුව ඔහු පසුගිය වසර දෙක තුල කිසිම අවස්ථාවක බ්‍රසීලයෙන් පිටතට ගොස් නොමැති බවද වාර්තාවේ.
2016 වසරේ බ්‍රසීලයේ පැවැති ජාත්‍යන්තර පාපාන්දු තරගාවලියන්හිදී සිදු කරනු ලැබූ මූළ්‍ය වංචා සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධතාවයක් පවතින බවට ජාත්‍යන්තර පාපාන්දු සම්මේලනයට ලද පැමිණිලි හේතුවෙන් කරන ලද අභ්‍යන්තර විමර්ෂණයකින් පසුව මෙම තාවකාලික තහනම පනවා ඇති බව වාර්තාවේ.