தமிழ்
English
Contact
Thursday 14th December 2017    
යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ ඝාතනය කරයි « Lanka Views | Views of the truth

යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ ඝාතනය කරයි



යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ මිය ගිය බව හවුති අන්සරුල්ලා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ දිනයේ සානා අගනුවර සිට යේමනයේ මධ්‍යම ප්‍ර දේශය මරීබ් නරය වෙත පළා යමින් සිටි අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පසුව ඔහු මියගිය වාර්තාවේ.

පසුගිය සෙනසුරාදා දක්වා අලි අබ්දුල්ලා සාලේට සහාය පළකර හමුදා කණ්ඩායම් හා හවුති සන්නද්ධ කණ්ඩායම් ඒකාබද්ධ  සෞදි අරාබිය ප්‍රමුඛ සංධානයට එරෙහිව ප්‍රහාරයන් එල්ල කරන ලැබීය.

නමුත් පසුගිය සෙනසුරාදා අලි අබ්දුල්ලා සාලේ විසින් මාධ්‍ය අමතා තමා යේමනයේ අසල් වැසි රටවල් සමග නව සම්බන්ධතාවක් ගොඩ නගාගැනීමට සූදානම් බවත් ඒ සදහා මේ මොහොක වන විට යේමයට එල්ල කරනු ලබන සෞදි ගුවන් ප්‍රහාර හා අනෙකුත් සම්බාධක හා නවත් වන්නේ නම් තමා ඒ සදහා කැපවන බව නිවේදනය කළේය.

කෙසේ වෙතත් අලි අබ්දුල්ලා සාලේගේ ෙනව ප්‍රවේශයට හවුති සන්නද්ධ ව්‍යපාරයේ එකගතාවයක් නොමැත. මේ හහේතුවෙන් දෙපාර්ශවය අතර මෙම අර්බූධය විසදාගැනීමේ උත්සාහයක් ගත් නුමත් එය ව්‍යර්ව ගිය බව හවුති නායක ප්‍රකාශ කර ඇත. දේපාර්ශවය අතර පැවැති සම්බන්ධතාවය බිදීයාමට හේතුව වන්නේ සානා අගනුවර බලය තමන් අතට ලබාගැනීමේ අරගලයක් මේ අනුව දෙපාර්ශවය අතර පැන නැගුනි.

අවසානයේ සානා අගනුවර බලය ලබා ගැනීමේ අරමුණින් හවුති හා අලි අබ්දුල්ලා සාලේ ගේ හමුදා අතර ගැටුම් ඇති විය දින කිහිපයක් තිස්සේ පැවැති ගැටුම් අවසානයේ හවුති ව්‍යාපාරය සානා අගනුවර බලය අත්පත් කරගැනීමට සමත්වීමත් මේ තත්වය හමුවේ අලි අබ්දුල්ලා සාලේ සානා අගනුවරින් යේමනයේ මධ්‍යම ප්‍රදේශයේ නගරයක්ව මරීබ් වෙත පළා යමින් සිටින විට සිදු කරන ලද ප්‍රහාරයකින් ඔහු මරුමුවට පත්ව ඇත.




Related News