Posted on 03.01.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
පසුගිය නොවැම්බර් මස සිට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් රුසියාවට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග් හි පැවැති 23 වන ශීත ඔලිම්පික් උළෙලට රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ හේතුවෙන් සිය රටේ ධජය යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබුනි.
ඒ සදහා ඔවුන්ට සිදුවූයේ ඔලිම්පික් ධජය යටතේ තරග සදහා ඉදිරිපත්වීමටය. අන්තර් ජාතික ඔලිම්පික් කටිටුව විසින් රුසියාවට එරෙහිව මෙසේ තහනමක් පැනවීමට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ රුසියාව සිය ක්‍රීඩකයින් සදහා තහනම් උත්තේජක ගැනීමට එරෙහිව සෘජුව කටයුතු කර නොමැති බවත් මේ සදහා රුසියානු රාජ්‍ය අනුග්‍රහයද යම් ප්‍රමාණයකින් ලබාදී ඇති බවට කරුණු තහවුරුව ඇති බවයි. එබැවින් රුසියාව අන්තර් ජාතික ඔලිම්පික් සංගමය සමග වන එකගතාවයන් සම්බන්ධයෙන් වන වගකීම පැහැරහැර ඇති බවයි.
එබැවින් ඔවුන්ට පසුගිය දින පැවැති ශීත ඔලිම්පික් උළෙලට නිලවශයෙන් සහභාගීවීමට අවස්ථාව ලබා නොදීමට කටයුත් කළ බවයි.
නමුත් මේ තහනම පිළිබදිව රුසියානු රජය පවසන්නේ තම රටට එරෙහිව දේශපාලන කරුණු මත පදනම්ව මෙම තහනම පනවා ඇති බවයි.