Posted on 02.20.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
රොටර්ඩෑම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට රෝජර් ෆෙඩර් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ජයග්‍රහණයත් සමග ඔහුට ලෝක ටෙනිස් ශ්‍රේණීගත කිරීම්හි පළමු ස්ථානය ලබා ගැනීමට හැකියාවද ලැබුනි. පසුගිය සදුදා දින නෙදර්ලන්තයේ පැවැති තරගය ජය ගැනීමත් සමග රෝජර් ෆෙඩර් රොටර්ඩෑම් විවෘත ටෙනිස් ශූරතාවය තෙවරක් දිනා ගැනීමට සමත්වූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්විය.
මීට පෙර එම ශූරතාවය තෙවරක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ආතර් ඈෂ්ය. මෙම තරගයේදී රෝජර් ෆෙඩර් හා තරග වැදුණු ගිගොරි ඩිමිත්‍රෝව්ව පළමු තරගවටය 6-2,ක් හා දෙවන වටයද 6-2කින් පරාජය කිරීමට රෝජර් ෆෙඩර් ට හැකිවිය.