தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
රෝහින්යා සරණාගතයින් සදහා ඩොලර් මිලියන 75 අවශ්‍යයි « Lanka Views | Views of the truth

රෝහින්යා සරණාගතයින් සදහා ඩොලර් මිලියන 75 අවශ්‍යයි



රෝහින්යා සරණාගතයින් සදහා ඉදිරි මාස හය තුල ඩොලර් මිලියන 75ක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහ පවසයි. ඊයේ ප්‍රකාශයට පත්කළ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනුව මේ වන විට බංග්ලාදේශයේ රැදී සිටින ලක්ෂ හයකට ආසන්න රෝහින්යා සරණාගතයින්ගේ කටයුතු සදහා මෙම අරමුදල් ප්‍රමාණය වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අගෝස්තු මස 25 වැනි දින සිට බුරුමයේ වාසය කළ රෝහින්යා මුස්ලිම් ජනයාට කරන පහරදීම් නිවාස ගිනි තැබීම් හා ඝාතනය කිරීම් හේතුවෙන් රෝහින්යා මුස්ලිම්වරුන්ට සිය ගම්බිම් අතහැර අසල්වැසි බංග්ලාදේශය වෙත පළායෑමට සිදුවිය.

මෙසේ පළා ගොස් සිය ජීවිත බේරා ගත් ජනතාවට මේ වන විට නොයෙකුත් දුෂ්කර තාවයන්ට මුහුණදීමට සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් කොමිසම හා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ සටහනට අනුව රෝහින්යා සරණගතයින් සදහා නිසි ක්‍රමවත් වැඩ සටහනක් වහාම අවශ්‍ය බවයි. එතෙක් ඉදිරි හය මාසයට පමණක් මෙම මුදල් ප්‍රමාණය අවශ්‍ය බව අවධාරණය කර ඇත.




Related News