தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ලෝක චෙස් සම්මේලනයේ ස්විස් ගිණුම් අත්හිටුවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලෝක චෙස් සම්මේලනයේ ස්විස් ගිණුම් අත්හිටුවයි



ලෝක චෙස් සම්මේලනයේ සභාපති ධුරය දරන රුසියානු ජාතික බිලියනිපතියකුවන ක්‍රිෂාන් ඉයුම්චිනොව්ගේ නම එක්සත් ජනපද මුල්‍ය දෙපාර්තමෙන්තුවේ තහනමට ලක්ව තිබෙන නිසා තමන්ද  ලෝක චෙස් සම්මේලනය විසින් ස්විස්හි පවත්වාගෙන යනු ලබන සම්මේලනයේ බැංකු ගිණුම් තහනම් කිරීමට ස්විස් බලධාරීන් කටයුත් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවර්ණය කරයි.

මේ දක්වා එක්සත් ජනපදයේ මුල්‍ය දෙපාර්තමේන්තුවේ රුසියානු ජාතිකයින් හා එරට දේශපාලනඥයි ගණනාවකගේ නම් ඇතුලත් ලයිස්තුවක් තහනමට ල කර තිබේ. එම නාම ලේඛනයේ වත්මන් චෙස් සම්මේලනයේ සභාපතාවන ක්‍රිෂාන් ඉයුම්චිනොව්ගේ නමද තිබේ. ඔහුට එරෙහිව එල්ලකර ඇත්තේ සිරියානු රජය සමග ගණුදෙනු කිරීම හේතුවෙන් එක්සත් ජනපදය විසින් එම තහනම පනවා ඇති බවයි.

නමුත් ක්‍රිෂාන් ඉයුම්චිනොව් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලබන අතර තමාට එරෙහිව පනවා ඇති මූල්‍ය තහනම් අදාල කරගෙන ලෝක චෙස් සම්මේලනයේ ගිණුම් අත්හිටුවීමට ක්‍රියා කිරීම එක්සත් ජනපදයේ  අවශ්‍යතාවයන්ට අනුව ස්විස් රාජය කටයුතු කිරීමක් බව පෙන්වාදී තිබේ.

රුසියානු ව්‍යපාරිකයින්ගේ හා නිලධාරීන්ගේ නම් අදල කරගනිමින් කරනු ලබන මුල්‍ය ගණුදෙනු වැළැක්වීම සම්පුර්ණයෙන්ම එක්සත් ජනපදයේ දේශපාලන ප්‍රතිවිරෝධයන් ඉටුකරගැනීමේ ඒක පාර්ෂික වෑයමක් බවට චෝදනා කරයි.




Related News