Posted on 03.19.2018 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඊයේ(18) දිනයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පුටින් නැවත වරක් රුසියානුවන් විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේදී චන්දදායකයන් 67%ක් ඡන්දය ප්‍රකාශ කරන ලද අතර එයින් පුටින් විසින් ලබා ගෙන ඇති ඡුන්ද ප‍්‍රතිශතය 76.63%කි. ඔහු සමග තරග කළ කොමියුනිස්ට් පක්ෂයේ පාවෙල් ගෘඩිනින් ලබා ගෙන ඇත්තේ 11.84%ක් පමණි. අන්ත දක්ෂිණාංශික වලැදිමිර් ෂිර්නොව්ස්කි 5.6%ක් ලබා ඇත.