Posted on 02.16.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුළු හයකින් ජය ගනීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මේ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාලිවය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ඊයේ දිනයේ බංග්ලාදේශයේ ඩකාහි පැවැති පළමු විසිසයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක පළමුව පන්දුවට පහරදීම සදහා අවස්ථාව උදාකර ගත්තේය.
ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 දැවී ලකුණු 193 ක් ලබාගැනීමට සමත්විය.මෙම ලකුණු සංඛ්‍යව බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි20 තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර ඔවුන් ලබාගෙන තිබුනේ ලකුණු 190කි. ඒ අයර්ලන්තයට එරෙහිවය.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සෞම්‍ය සර්කර් ලකුණු 52ක්ද, මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 66) සහ නායක මහමදුල්ලා රියාද් (43) බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් කැපීපෙන දස්කම් දැක්වූ පිතිකරුවන් දෙදෙනා විය.
ඉන් අනතුරුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කය කඩුළු හතරක් පමණක් දැවී පන්දු විස්සක් ඉතිරිව තිබියදී පසුකිරීමට සමත්විය.
ලකුණු ලබා ගැනීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 53ක්ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 30ක්ද දසුන් ශානක නොදැවී ලකුණු 42ක්ද තිසර පෙරේරා ලකුණු නොදැවී ලකුණු 39ක් ලා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ජයග්‍රහණය සනිටුහන් කළේය.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි 20 තරගයකදී හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තාවේ.