தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
වොෂින්ටනය කියුබානු තානාපති නිලධාරීන් 15 දෙනෙකු පිටමං කරයි « Lanka Views | Views of the truth

වොෂින්ටනය කියුබානු තානාපති නිලධාරීන් 15 දෙනෙකු පිටමං කරයි



එක්සත් ජනපදයේ තානාපති කටයුතුවල නිරතවූ කියුබානු තානාපති නිලධාරීන් 15 දෙනෙකුට වහාම සිය රටින් පිටවී යන ලෙස ට්‍රම්ප් පරිපාලනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින හතක් තුල මෙම නිලධාරීන් එක්සත් ජනපදයෙන් පිටත් වියයුතු බවට දන්වා ඇති බව වාර්තාවේ. පසුගිය සතියේ කියුබාවේ හවානා නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ නැවත එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ.

එසේ හවානාහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සිය රාජකාරි කිරීමට නොහැකි බවට ඔවුන් පවසා ඇත්තේ දරා ගත නොහැකි සියුම් ශබ්දයක් නැගෙන බවත් එය සිය කාර්යය මණ්ඩල නිලධාරීන් ගණනාවකගේ සෞඛ්‍ය තත්වයට හානි වන බවට චෝදනා නගමින්ය. මෙම සියුම් ශබ්දය කියුබානුවන් විසින් මුදාහරින බවට චෝදනා කිරීමෙන් පසුවයි.

නමුත් මේ පිළිබදව කියුබානු බලධාරීන් පවසා ඇත්තේ එවැනි කිසිදු ක්‍රියාවක් තම රටතුල සිදු නොවන බවයි.




Related News