தமிழ்
English
Contact
Saturday 17th February 2018    
ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය ලකුණු 215කින් ජය ගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය ලකුණු 215කින් ජය ගනී



අද දින අවසන්වූ බංග්ලාදේශයට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාපිටියේ පැවැති දෙවැනි ටෙස්ට්  තරගයෙන් ලකුණු 215 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට මේ අනුව ශ්‍රී ලංකාව හැකි විනි. දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 339 ක යම් අපහසු ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට අවසානයේ ලබා ගත හැකි වූයේ සියලු දෙනාම දැවී  ලකුණු 123 ක් පමණි ඊයේ තරගය නිමාවන විට තවත් දින දෙකක් ඉතිරිව තිබුනි.

බංග්ලාදේශ දෙවන ඉනිම  ශ්‍රී ලංකා දගපන්දු යවන්නන්ගේ පාලනයට නතු කර ගැනීමට විශේෂයෙන් අකිල ධනංජය සහ රංගන හේරත් ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත් විය.

පළමු ඉනිමේ වාසිය සිය ජයග්‍රහණට මූලික අඩිතාලම ලෙස සැලකූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය දෙවන ඉනිම වෙනුවෙන් සියලු දෙනාම දැවී ලකුණු 226ක් ලබා ගැනීමට සමත්විය. දෙවන ඉනිම වෙනුවෙන් රොෂේන් සිල්වා ලකුණු 70ක් ලබා ගෙන තිබුනි.

බංග්ලාදේශ කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 123ක් පමණි. එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේදී ලකුණු විසිපහේ සීමාව පසු කිරීමට සමත්වූයේ පිතිකරුවන් දෙදෙනෙකුට පමණි. මොනිමුල් හක් ලකුණු 33ක්ද, මුෂ්ෆිකූර් රහීම් ලකුණු 25ක්ද ලබා ගැනීට සමත්විය. සිය දෙවන ඉනිම සදහා බංග්ලාදේශයට මුහුණදීමට හැකිවූයේ පන්දුවාර 29 පන්දු තුනකට පමණි.

දෙවන තරගයේ හා තරගාවලියේ විරයා ලෙස නම්කරනු ලැබුයේ රොෂේන් සිල්වාය. මෙම තරගාවලියේදී  ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලබාගනිමින් සාර්ථක පිතිකරුවකු ලෙස ඔහු කැපීපෙනුනි.




Related News