தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම අරඹයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ශ්‍රී ලංකා පිල දෙවන ඉනිම අරඹයි



ඊයේ ආරම්භවූ ශ්‍රීලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කාසියේ වාසිය ලබා ගනිමින් පන්දුවට පහරදුන්  ශ්‍රී ලංකා කණඩායම සිය පළමු ඉනිමි වෙනුවෙන් සියලු දෙනාම දැවී  ලකුණු 222කේ ලබා ගැනීමට සමත්විය. මෙම ලකුණු සංඛ්‍යාව හඹා යමින් සිටි බංග්ලාදේශ පිලට අද දින  සියලු දෙනාදැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 110ක් පමණි.

ඊයේ දිනයේ සිය පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් යම් සාර්ථකත්වයක් දැක්වූයේ කුසල් මෙන්ඩිස් ලකුණු 68ක්ද රොෂේන් සිල්වා ලකුණු 56ක්ද ඩිල්රුවන් පෙරේරා ලකුණු 31ක්ද ලබා ගැනීමෙනි.

ඊයේ තේ පානයෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන් සිය ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ටද ස්ථාවර ඉනිමක් ගොඩ නගාගැනීමට නොහැකි විය. සිය කණඩායම වෙනුවෙන් අද දිනයේද කිසිදු ක්‍රීඩකයකුට යම් හෝ ස්ථාවර ඉනිමක් ගොඩ නැගීමට ඉඩනොදුන් ශ්‍රී ලංකා පන්දුයවන්නෝ තරගයේ වාසිය සියතට ගත්හ. බංග්ලාදේශය වෙනුවෙන් යම් හෝ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සමත්වූයේ කේයස් 19ක්ද ලිටන් දාස්  ලකුණු 25ක්ද මෙහෙදි හසන්38ක් හා මහමදුල්ලා ලකුණු 17කි.

පළමු ඉනිමේ ලකුණු 112ක වාසිය සමග මේ වනවිට දෙවන ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා පිතිකරුවන් එක් කඩුල්ලක් දැවී ලකුණු 51 ලබා සිටී.

මෙම තණතීරුවේ ස්වභාවය සම්බන්ධයෙන් අදහස් පළකර ඇති ප්‍රවීනයින් පෙන්වා දෙන්නේ කාසියේ වාසිය ලබන කණ්ඩායමට යම් වාසිදායක අවස්ථාවක් තරගය ජයගන්නට තිබෙන බවයි. දගපන්දු යවන්නන්ට වාසිදායක තත්වයක් මෙම තණ නිල්ලේ දැකිය හැකි බව ඔවුන්ගේ විශ්වාසයවේ.