தமிழ்
English
Contact
Thursday 14th December 2017    
සයිටම් අහෝසි කිරීමේ අරගලයේ ඉදිරි ඉලක්ක – සිසු ජන සමුළුව යෝජනා සම්මත කරයි « Lanka Views | Views of the truth

සයිටම් අහෝසි කිරීමේ අරගලයේ ඉදිරි ඉලක්ක – සිසු ජන සමුළුව යෝජනා සම්මත කරයි



සයිටම් විරෝධී සිසුජන සමුළුව විසින් සයිටම් විරෝධී අරගලයේ ඉදිරි ඉලක්ක සදහා වන යෝජනා 5ක් ප්‍රකාශයට පත්කරමින් පැමිණ සිටි සංවිධාන නියෝජිතයන්ගේ, ශිෂ්‍යයන්ගේ හා ජනතාවගේ ඡන්දයෙන් එම යෝජනා සම්මත කරණ ලදී.

සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය සංවිධාන කළ මෙම සිසු ජන සමුළුව අද පස්වරු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීපැවැත්වුණි. ‘සයිටම් විරෝධී සිසු ජන සමුළුව‘ සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් එක්වූහ.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති රැසක නියෝජිතයින් එම අවස්ථාවට එක්විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක වෘත්තිය සමිති නියෝජිතයෝ සහභාගි වූහ. සමුළුව අතරතුර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා ද ඒ සඳහා එක් වුණි. මෙම සියලු දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන හා ශිෂ්‍ය ව්‍යාපාරයේ සහභාගිත්වයෙන් සයිටම් විරෝධී අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග සලකුණු කරමින් යෝජනා 5ක් සම්මත කෙරිණී. රැස්ව සිටි සියල්ලෝ එම යෝජනා කියවා දැනගැනීමෙන් පසුව අත් ඔසවා අනුමත කළහ.

පහත පළ වන්නේ එම යෝජනා 5ය.

සයිටම් විරෝධී සිසු ජන සමුළුවේ සම්මත කළ යෝජනා

  1. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස සහ එම ව්‍යාපෘතියේ ප‍්‍රමුඛ උවමනාවක් වන පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස පවතින නීතියට පවා පටහැනි ලෙසද, ශ‍්‍ර‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියට පවා නුසුදුසු ප‍්‍රමිතියකින් යුක්තවද, හුදු ලාභ අරමුණු පමණක් සලකමින් ආරම්භ කරන ලද සහ ජනතාවගේ බලවත් විරෝධයට ලක්ව ඇති මාලඹේ සයිටම් හොර උපාධි කඩය වහාම අහෝසි කරන ලෙස බල කරන මෙම සමුළුව එකී හොර උපාධි කඩය අහෝසි කරන තුරු අඛණ්ඩව සටන් වදින බව සපථ කරන අතරම ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලීව එක්සත් වන ලෙස සියළු සටන්කාමී බලවේග වලට යෝජනා කර සිටී.
  2. අධ්‍යාපනය සදහා වෙන් කරන ප‍්‍රතිපාදන කප්පාදු කිරීම පසුගිය දශක කීපය පුරාම ක‍්‍රියාවට නැගුණු රාජ්‍යයේ ප‍්‍රතිපත්තිය වු අතර පාසල් තුළ ගාස්තු අය කිරිම, පාසල් තුළ විශමතාවන් වර්ධනය වීම, සරසවි බ`දවා ගැනීම් වර්ධනය නොවීම, මෑත කාලීනව ඉස්මතු වු සරසවි බ`දවා ගැනීම් කප්පාදුව, ගුරු හා ආචාර්‍යය වැටුප් ගැටලූ එහි සෘජු ප‍්‍රතිඵලයන් වන බවත් මෙම ගැටලූ විස`දිම ස`දහා වු අත්‍යවශ්‍ය ප‍්‍රතිපත්තිමය ප‍්‍රවේශය වන්නේ අධ්‍යාපනය ස`දහා දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා ප‍්‍රතිපාදන ඉහළ දැමීම බවත් අවධාරණය කරමු. එම පොරොන්දුව වත්මන් ආණ්ඩුව බලයට පැමිණීම ස`දහා ලබා දුන් පොරොන්දු මල්ලේ ප‍්‍රධාන එකක් වුවත් ආණ්ඩුව බලයට ආ පසු ඊට පිටුපා ක‍්‍රමාණුකූලව ප‍්‍රතිපාදන කපා හැර ඇති අතර එම පිළිවෙතට එරෙහි වන මෙම සමුළුව අධ්‍යාපනය සදහා 6%ක් දිනාගැනීම සඳහා සටන් වැදිය යුතු බව යෝජනා කර සිටී.
  3. සෞඛ්‍ය සේවාව සද’හා කෙරෙන ප‍්‍රතිපාදන කප්පාදු කිරීමේ ප‍්‍රතිඵල ලෙස රජයේ රෝහල් තුළ ඖෂධ හිගයක් නිර්මාණයවීම, වාට්ටු පහසුකම් ප‍්‍රමාණවත් නොවීම, රජයේ රොහල් තුළ අවම මට්ටමේ රසායනාගාර පහසුකම් පවා සපුරාගත නොහැකිවීම, කාර්ය මණ්ඩල හිගය ඇතුළු බරපතළ ගැටලූ ප‍්‍රමාණයක්නිර්මාණය වී තිබෙන අතර මෙම ගැටළු විසඳීම සඳහා වන ප‍්‍රවේශය සෞඛ්‍ය සේවාව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වෙන් කරන ප‍්‍රතිපාදන ඉහළ දැමීම වන නමුත් ආණ්ඩුව දිගින් දිගටම නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා ප‍්‍රතිපාදන කප්පාදු කරමින් සිටින අතර ආණ්ඩුවේ එම වැඩපිළිවෙළට එරෙහිවන මෙම සමුළුව සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන ඉහළ දමාගැනීම සඳහාද අඛණඩව සටන් වැදිය යුතු බව යෝජනා කර සිටී.
  4. ජනතාවගේ මූලික අයිතීන් සහ ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංග වූද, සමාජයේ යහපැවැත්ම කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන සමාජ ආරක්ෂණ සේවා දෙකක් වූද, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙළඳ භාණ්ඩ බවට පත් කර, ඒවා සඳහා ප‍්‍රවේශ වීමේ අයිතිය බහුතර ජනතාවගෙන් උදුරාගෙන, ඒ හරහා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා අහිමි කරන, එමෙන්ම එම වැදගත් සමාජමය සේවාවන් ජාවාරම්කරුවන්ගේ සහ ධන කුවේරයන්ගේ ලාභ අරමුණු වෙනුවෙන් බිලිදෙන වත්මන් නව ලිබරල් වාණිජකරණ ව්‍යාපෘතිය පිළිකුලෙන් හෙලා දකින මෙම සමුළුව එය පරාජය කර ජනතා අයිතීන් සුරැුකීම උදෙසා සියලූ ප‍්‍රගතිශීලී බලවේග සමග එක්සත්ව සටන් වැදිය යුතු බව යෝජනා කර සිටී.
  5. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ලාභ අරමුණු වෙනුවෙන් බිලිදීමද ඇතුලත්ව තවත් බොහෝ ක්ෂේත‍්‍ර වසාගෙන පිළිලයක් මෙන් පැතිරෙමින්, සමාජයේ සමස්ත සාරය උරාබී ජන සමාජය හප කරන වත්මන් සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිය අවසන් වශයෙන් පරාජය කිරීමේ උවමනාව සහ ශක්තියද, ඒ සඳහා වන ඓතිහාසික පෙලගැස්මද ඇත්තේ කම්කරු පංතිය ප‍්‍රමුඛ වැඩකරන ජනතාව සතුව බව තරයේ විශ්වාස කරන මෙම සමුළුව නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සමාජමය අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගෙනයන මෙම අරගලයේදී කම්කරු පංතිය සමග අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එම ඵෙතිහාසික කාර්්‍යයභාර්්‍යය සැපිරීමට පෙරට එන ලෙස කම්කරු පංතිය ප‍්‍රමුඛ ලාංකීය වැඩකරන ජනතා බලවේග වලට යෝජනා කර සිටී.

සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය

2017-08-13