தமிழ்
English
Contact
Thursday 14th December 2017    
සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස එමර්සන් මැනන්ගාවා පත්වේ « Lanka Views | Views of the truth

සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස එමර්සන් මැනන්ගාවා පත්වේ



එමර්සන් මැනන්ගාවා සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස අද දිවුරැම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා සිම්බාබ්වේ ජනාධිපති ලෙස කටයුතු කළ රෝබට් මුගාබේ විසින් එරට උප ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටි එමසන් මැනන්ගාවා සියධුරයෙන් පහකළේය. එම සිදුවීමත් සමග සිම්බාබ්වේ රජ්‍යය තුල බරපතල දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය විය.

කෙසේ වෙතත් මෙම දේශපාලන අර්බූදය හටගන්නේ සිය අනුප්‍රාප්තිකය ලෙස රොබට් මුගාබේගේ බිරිද වන ග්‍රාස් මූගාබේට පක්ෂයේ නායකත්වය හා රටේ නායකත්වය බාරදීමේ අරමුණෙන් උප ජනාධිපතිවරයා ඉවත් කිරීමත් සමගිනි.

මෙසේ උප ජනාධිපතිවරයා ඉවත් කිරීමත් සමග එරට ව්‍යස්ථාව උල්ලංඝනය කර ඇති බවට පවසමින් එරට හමුදා නායක ජෙනරාල් චිවෙන්ගා සිය බලය යොදවා රෝබට් මුගාබේව නිවාස අඩස්සියට දැමීමට කටයුතු කළේය.

මෙම අර්බූදයට එරට හමුදාව පසුව මැදිහත්ව එරට ජනාධිපති ලෙස කටයුතු කළ රොබට් මුගාබේව නිවාස අඩස්සියට ගනු ලැබීය. හමුදාව සිය බලය යොදවා සිම්බාබ්වේ රජයේ ප්‍රධාන ස්ථාන  කිහිපයක් අත්පත් කරගනිමින් සිය හමුදා මැදිහත්වීම හරහා මෙම දේශපාලන අර්බූදයට මැදිහත්වීය.

එම හමුදා මැදිහත්වීමට එරට යුදහමුදාව හා ගුවන් හුදාව හා පොලීයේ සහයෝගය නොමදව ලැබී ඇති බව වාර්තාවේ.විදෙස් මාධ්‍ය වාර්තා අනුව නිවාස අඩස්සියට ගනු ලැබූ රෝබට් මුගාබේට සිය ජනාධිපතිධූරයෙන් ඉවත්ව යන ලෙස බලපෑම්එල්ලවී තිබේ.

දින කිහිපයක් මෙසේ නිවාස අඩස්සියේ සිටි මුගාබේ පසුව සිය ඉල්ලා අස්වීම එරට  කතානායක වෙත එවා තිබුනි. පසුගිය දා එරට කාතානායක වරයා විසින් රෝබට් මුගාබේ සිය ජනාධිපතිධූරයෙන් ඉවත්ව ඇති බව ඔහු පාර්ලිමේන්තු හමුවේ ප්‍රකාශ කරනු ලැබීය.

ඉන් පසුව දෙපාර්ශ්වය අතර නැවන සාකච්ඡා ආරම්භ වූ  අතර සිය පක්ෂය වන සිම්බාබිවේ අප්‍රිකානු ජාතික සංගමයේ අභය්‍යන්තරයේ සිදුවූ ක්‍රියාවලියකින් පසුව සිය පක්ෂයේ නායකයා ලෙස සිටි රෝබට් මුගාබේව එම ධූරයෙන් ඉවත් කරනු ලැබීය. මෙසේ ඉවත් කරනු ලැබීමෙන් පසුව අවසානයේ රෝබට් මුගාබේට සිය ජනාධිපති ධූරයෙන්ද ඉවත් වන්නට බලපෑම් එල්ලවී  තිබේ.

මෙම තත්වයන් මෙසේ සිදුවන තෙක් මීට සතියකට පමණ පෙර රහසින් දකුණු අප්‍රිකාවට ගිය එමර්සන් මැනන්ගාවා පසුගිය බදාදා නැවත සිම්බාබ්වේ වෙත පැමිණියේය.

සිම්බාබ්වේ යනු යටත්විජිත පාලනය තුල රොඩේසියාව ලෙසින් හැදින්වූ යටත්විජිතයකි. 1980 එරට නිදහස දිනාගැනීමෙන් පසුව සිම්බාබ්වේ රාජ්‍ය ලෙස නම් කළේය. 1980 වසරේ නිදහස ලැබීමෙන් පසුව වසර 37ක් තිස්සේ සිම්බාබ්වේ රාජ්ජය පාලනය කළේ රෝබට් මුගාබේගේ නායකත්වයෙනි. ඔහු මේ වන විට 93 හැවිරිදි වියේ පසුවේ.

රෝබට් මුගාබේ ඇතුළු සිය පවුලේ ආරක්ෂාව හා රැකවරණය පිළිබදව සිම්බාබ්වේ රාජයේ සැලකිල්ල යොමුකරන බවද පවසා ඇතැයි වාර්තාවේ.

අප්‍රිකානු කළාපයේ දිගුකාලීන රාජ්‍ය පාලකයා ලෙස සිටියේද රොබට් මුගාබේය. වසර තිස් හතක පාලන කාලය තුල සිය පවුලේ සාමාජිකයින් හා හිතවතුන්ට විවිධ වරප්‍රසාද හා වරදාන ලබා දෙමින් එරට මහජන මුදල් අයථා ලෙස භාවිතා කළ බවට බරපතල චෝදනා වසර ගණනාවක සිට එල්ලවී තිබේ.




Related News