Posted on 02.24.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය ඉරිදා සිට සිරියාවේ නැගෙනහිර ගෞතා ප්‍රදේශයට එල්ල වන ගුවන් ප්‍රහාරවලින් මේ වන විට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 400 ඉක්මවා ඇතැයි වාර්තා වේ. ඒ අතරින් කුඩා ළමයින් 100කට ආසන්න පිරිසක්ද වන බව එම විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිරියාවේ මානව හිමිකම් විමර්ශනය කරනු ලබන කණ්ඩායම් පවසන්නේ මෙම ප්‍රහාරයන් සිරියානු සිවිල් වැසියන් වෙත සෘජුවම එල්ලවී ඇති බවයි. එම ප්‍රකාශය පිළිබදව අදහස් දක්වා ඇති සිරියානු බලධාරීන් පවසා ඇත්තේ එම ප්‍ර දේශයේ වෙසෙන ඉස්ලාමීය අන්තවාදීන් හා අයි.එස්වරුන්ට එරෙහි සිය හමුදා මෙහෙයුම් දියත් කළ බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයන් විශාල පිරිසක් මියයෑමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වහාම සිරියානු බලධාරීන්ගෙන වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
සතියක් පුරා මෙසේ ගුවන් ප්‍රහාරයන් එල්ලකරනු ලබන ප්‍ර දේශය සිරියානු කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින අවසන් ප්‍රදේශය ලෙසද සැලකේ. රුසියානු හා සිරියානු ගුවන් ප්‍රහාරවලින් තුවාල ලබා ඇති පිරිස 2,200 ඉක්මවන බව එරට මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
අඛණ්ඩව වසර අටක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධයේ අත්දුටු ඉතා ම්ලේච්ඡතම අවස්ථාවන්ගෙන් එකක් බවට මෙම සිදුවීම් පෙළ හඳුන්වා දී තිබෙන අතර නැගෙනිර ගෞතා ප්‍රදේශයේ සිදුවන සටන් නවතා සිවිල් වැසියන්ට ආහාර, වෛද්‍ය ප්‍රතිකාර යනාදිය ලබාදීමට ඉඩකඩ සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටිය ද කිසිදු පාර්ශවයකින් ඊට යහපත් පිළිතුරක් නොලැබිණි.
නැගෙනහිර ගෞතා හි ඇති වී තිබෙන තත්වය පිළිබදව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡාවට ලක්ව ඇති අතර එහිදී වහාම දින 30ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි ඉල්ලා යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. කෙසෙවෛතත්එම යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට ඊයේ වන තෙක් පැමිණිමට නොහැකිවූ බව විදෙස් මාධය වාර්තා කරයි.