தமிழ்
English
Contact
Saturday 17th February 2018    
සිරියානු හමුදා ඊශ්‍රායෙල් ප්‍රහාරක යානයක් බිම හෙළයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරියානු හමුදා ඊශ්‍රායෙල් ප්‍රහාරක යානයක් බිම හෙළයි



සිරියානු ආරක්ෂක අංශ විසින් ඊයේ ඊශ්‍රායෙල් ගුවන් හමුදාවට අයත් එෆ් 16 වර්ගයේ ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරක යානය සිරියානු දේශසිමා තුලට ඇතුළුවීම හා සිරියානු ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ බව සිරියානු ආරක්ෂක අංශ පවසා තිබේ.

මෙම සිදුවීමත් සමග ඊශ්‍රාලය විසින් සිරියාවේ පිහිටි ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානයන් වෙත ප්‍රතිප්‍රහාර එල්ලකළ බවත් එම ප්‍රහාරවලින් ඉරානය විසින් සිරියාවේ පවත්වාගෙන යනු ලබන සැපයුම් මධ්‍යස්ථානයන්ද සිය ඉලක්කය වූ බව ඊශ්‍රායල් ආරංශක අංශ පවසා ඇත.

එම ප්‍රහාරයන් ලෙබනන් යුද්ධයෙන් පසුව සිරියාවට එල්ල කරනු ලැබූ ප්‍රබල ප්‍රහාරයන් ලෙස ඊශ්‍රායල් ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරයෙන් විනාශයට පත් යානය පැදවූ නියමුවන් දෙදෙනා උතුරු ඊශ්‍රායෙල් ප්‍රදේශයට පැරෂුට් ආධාරයෙන් හානියකින් තොරව පැමිණි පැමිණිබවද ඊශ්‍රායෙල් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිරියාවේ වසර කිහිපයක සිටි ඇතිව තිබෙන සිවිල් යුද තත්වය යටතේ මීට පෙර අවස්ථා කිහිපයදී ඊශ්‍රායලය විසින් සිරියානු දේශසීමා උල්ලංඝනය කරමින් ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කළ අතර එක් අස්ථාවකදී සිරියානු ප්‍රහාරක යානයක්ද බිමහෙළා තිබුනි.

එම  ප්‍රහාරයෙන්ගෙන් පසුව සිරියානු පවසා සිටියේ  ඊශ්‍රෙයල් හමුදා මෙසේ සිය දේශසීමා උල්ලංඝණය කරමින් ප්‍රහාර එල්ල කිරීම නවත්වන්නේ නැතිනම් ඊට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

සිරියානු පාර්ශවය සමග සමීපව කටයුතු කරන රුසියාව මෙම සිදුවීමෙන් පසුව දෙපාර්ශවයන්ටම දන්වා ඇත්තේ සිය ප්‍රහාරයන් නවතා ගැටළුකාරී තත්වයන් විසදා ගන්නා ලෙසයි. එසේ නොමැතිව මෙම සිදුවීම හේතු වෙන් ඉරානය සිරියාව හා ඊශ්‍රායල පැටලෙන කලාපීය අර්බූදයක් දක්වා මෙම සිදුවීම් උත්සන්න නොකරන ලෙසයි.




Related News