தமிழ்
English
Contact
Monday 11th December 2017    
සිසු දඩයම දිගටම – රයන් ජයලත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් 7කට වරෙන්තු (update) « Lanka Views | Views of the truth

සිසු දඩයම දිගටම – රයන් ජයලත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් 7කට වරෙන්තු (update)



නඩුවාරයක් සදහා අදිකරනයේ පෙනී නොසිටි හේතුව මත වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් 7 ක් අත්අඩංගුවට ගන්නට අද දින අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලදී.

මාලඹේ සයිටම් අහෝසි කිරිමට රජයට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කමිටුව, අන්තර් විශ්ව්විද්‍යලයිය ශිෂ්‍ය බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය එක්ව ජනවාරි මස 19 දින පැවති පාගමන අතර තුර අධිකරණ නියෝග කඩකිරීමේ වරදට ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබිණී. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගන්නා ලෙස මෙසේ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලද්දේ පොලිසිය විසින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකිරිමට හේතු සලකා බැලීමෙන් පසුවයි.

මෙම ශිෂ්‍ය ක්‍රියාකාරින්ට චෝදනා කරනු ලැබුවේ මාලඹේ සයිටම් අහෝසි කිරිමට රජයට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කමිටුව, අන්තර් විශ්ව්විද්‍යලයිය ශිෂ්‍ය බලමණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු බලමණ්ඩලය එක්ව ජනවාරි මස 19 දින පැවති පාගමන අතර තුර අධිකරණ නියෝග කඩකිරීම සම්බන්ධවය. එම පාගමනින් පසුව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේලා හතර දෙනෙක් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු සහ එක් සිසුවියක් දින 07ක් සදහා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී. එ් සම්බන්ධ නඩුව අද(10) කොටුව උසාවියේ නැවත විභාගයට ගත් අවස්ථාවේ කලින් දිනක පැවති නඩු විභාගයකට පෙනී නොසිටි බවට චෝදනා නගමින් අද අදිකරනයේ පෙනී සිටි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොෂාන් ප්‍රියසාන්ජන සහ කෝෂිලා හංසමාලි යන දෙදෙනාට පවුලේ සාමාජිකයෙකු මගින් ඇප තැබිය යුතු බව නියෝග කරන ලදී. එසේම තවත් සිසුන් 7දෙනෙකුට අධිකරණයට පෙනී නොසිටි බව පවසමින් වරෙන්තු නිකුත් කරන ලදී.

ඒ අතුරින් රයන් ජයලත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු වන අතර පසුගියදා කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ ශාලා පරිශ්‍රයේ දී සාකච්ඡාවක් අවසන්කර පිටව යන විට සුදු වෑන් රියක පැමිණි පිරිසක් විසින් ඔහු බලහත්කාරයෙන් ගෙන යාමට ගත් උත්සාහයේදී උණුසුම් තත්වයක් ඇති විය. පසුව එම සුදු වෑන් රියකින් පැමිණියේ සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් පිරිසක් බව පොලිසිය විසින් පවසන ලදී.

කෙසේවෙතත් ඔහුව එසේ බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කිරීමේදී එම ස්ථානයේ සාකච්චාවට පැමිණ සිටි දේශපාලන පක්ෂ නියෝජිතයන් හා වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් මෙන්ම සිසුන් මැදිහත් වී එසේ බලහත්කාරයෙන් රැගෙන යාම වළක්වන ලදී. පසුව පොලිසිය භාර නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් වාර්තාවක් කැදවා තිබුණි. අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය සහ එම අවස්ථාවේ පොලීසිය විසින් අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳව අඩුපාඩු සිදුව ඇති බවද ඇමතිවරු ප්‍රකාශ කර තිබිණි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු ලෙස රයන් ජයලත් වෙත මර්දනකාරී බලයක්  එල්ල වූ අතර ඔහුගේ ආරක්ෂාව පිළිබද සොයා බලන්නට මව්පියන්, දේශපාලන පක්ෂ, සමාජ ක්‍රියාකාරිකයන් හා පෞද්ගලික හිතවතුන් හා පියවර ගෙන තිබිණි.