தமிழ்
English
Contact
Thursday 14th December 2017    
සුළි කුණාටුවෙන් ඉන්දීයාවට හානි « Lanka Views | Views of the truth

සුළි කුණාටුවෙන් ඉන්දීයාවට හානි



දකුණු ආසියානු කලාපයට මේ දිනවල බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය ඉන්දියාවටද බලපා ඇතැයි වාර්තාවේ. ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශ‍යට මහත් හානි පමුණුවමින්  ඊයේ ඇතුළු වූ ඕකි සුළි කුණාටුවෙන් මේ වන විට 14 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් ආපදාවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිසට අමතරව දවත් විශාල පිරිසක් මේ දක්වා අතුරැදහන්ව ඇති බවද එම වාර්තා පෙන්වා දේ. එරට අපදා කළමනාකරණ අංශ පවසන්නේ මේ සිළි කුණුටුව මුම්බායි හා ගුජරාටි යන නගරවලටද අද දින බලපෑම් කරනු ඇති බවයි.

විශේෂයෙන් ඉන්දීය ධීවර ප්‍රජාවට සිය කර්මාන්තයේ නියැලීමෙන් වළකින ලෙසද පුර්ව දැනුම්දීම් කර තිබේ.මේ   පිළිබදව දන්වා තිබියදීත් ධීවර කටයුතුවල නිරත ධීවරයන් විශාල ප්‍රමාණයක් අපදාවට ලක්ව ඇති බව වාර්තාවේ.

දින කිහිපයක සිට ඉන්දියාවට බලපෑඇති මෙම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දහස් ගණනක් විවිධ අපදාවන්ට ලක්ව උන්හිටි තැන් නොමැතිව අහිමව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දේ.

මේ දක්වා පවතින අයහපත් කාලගුණික තත්වයෙන්  ප්‍රාන්ත කිහිපයක ජන ජීවිතය අඩාලව අති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.