தமிழ்
English
Contact
Monday 11th December 2017    
ෆාර්ක් සංවිධානය අවි බාරදීම අරඹයි « Lanka Views | Views of the truth

ෆාර්ක් සංවිධානය අවි බාරදීම අරඹයි



පසුගිය වසරේ එළැඹි සටන් විරාම එකගතාවයට අනුව ෆාර්ක් සංවිධානයේ අවි භාරදීමේ වැඩ සටහනේ පළමු අවි බාරදීම ෆාර්ක් සංවිධානය විසින් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින්ට සිය සංවිධානයේ අවි ආයුධවලින් 30%ක් බාරදීමට මේ වන විට ෆාර්ක් සවිධානය කටයුතු කර ඇතැයි එම සංවිධානයේ ප්‍රකාශකයකු විදෙස් මාධය වෙත ප්‍රකාශ කර ඇත.

තම සංවිධානය සතු ඉතිරි අවිවලින් තවත් 30%ක පමණ ප්‍රමාණයක් ලබන බදාදා එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින් හමුවේ කොලොම්බියාවේ විවිධ ස්ථාන 26කදී බාරදීමට කටයුතු සූදානම්කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

දශක පහකට ආසන්න කාලයක් කොලොනම්බියාවේ පැවැති සන්නද්ධ අරගලය තුල ෆාර්ක් සංවිධානය විවිධ අවස්ථාවල පසුබැසීම් හා ජයග්‍රහණ ලබා ගනිමින් අඛණ්ඩව අවි ආයුධ දරමින් සිය දේශපාලන ගමන පැමිණියේය. ෆාර්ක් සංවිධානය යනු පනස් වසරක් ලොව පුරා වාමාංශික දේශපාලන කණ්ඩායම්වල විශේෂ අවධානයට ලක්ව පැවැති දේශපාලන ව්‍යාපාරයකි.

මෙම සාම සාකච්ඡාවලින් පසු එලැඹි සාම ගිවිසුමෙන් පසුව කොලොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර ඇති කරගත් එකගතාවයකින් පසු සිය අවිබාරදීමේ වැඩ සටහනට එකගවීමට ෆාර්ක් සංවිධානය තීරණය කළේය. මෙවර කොලොම්බියානු සාම ගිවිසුම ඇති කිරීම සදහා කියුබානු වත්මන් නායක රාවුල් ක්‍රස්තෝ හා හිටපු වෙනිසියුලානු නායක චාවේස්ද දැඩි වෙහෙසක් ගනු ලැබීය.

කොලොම්බියාවේ අනාගත දේශපාලන කටයුතු පිළිබදව දැඩිවිමසිල්ලෙන් සිටින වාමාශික දේශපාන ක්‍රියාධරයන්ට හා ලොව පුරා තවමත් අවිදරමින් සිටන වාමාංශික ව්‍යපාරයන්ට කොලොම්බියාවෙන් මෙවර ලබා ගතහැකි අත්දැකීම කවරක්වනු ඇද්දැයි විමසිල්ලෙන් සිටිම වැදගත් වනු ඇත.

 




Related News