தமிழ்
English
Contact
Saturday 9th December 2017    
අකිල විරාජ්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වසා දමයි « Lanka Views | Views of the truth

අකිල විරාජ්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වසා දමයි



දැනට පවත්නා කොට්ඨාස පාලන ක්‍රමය අහෝසි කර ඒහි සියළු බලතල කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලාබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද දින (8) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔහු මෙසේ ප්‍රකාශ කරන ලදි. මෙම ක්‍රියාමාර්ග ගැනීමට හේතුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාල මඟින් අපේක්‍ෂිත ප්‍රතිඵල නොලබෙන අතර එම කාර්යාල පවත්වාගෙන යාම තේරුමක් නැති වැඩක් බවත් නව කලාප අධ්‍යාපන කාර්යාල 98ක සංඛ්‍යාව 200 දක්වා ඉහල දැමීමට බලාපොරොත්තු වෙන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසා දැමීමට නියමිත කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව ගැන සඟවමිනි.

කෙසේ වෙතත් ආණ්ඩුව දිගින් දිගටම අධ්‍යාපනය සම්බන්දයෙන් ගෙන එන මෙවැනි ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපනට අදාළ කාර්යන්ගේන් ක්‍රමානුකුලව ඉවත්වෙමින් තිබෙන බව පැහැදිලිව දැක ගත හැකි වේ.