අප්‍රේල් අරගලයේ 46වැනි සමරුව අද
Posted on 04.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
1971 අප්‍රේල් අරගලයට 46 වසරක් පිරිම වෙනුවෙන් අද දින වාම දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් ඒ පිළිබද සමරු උත්සව පවත්වනු ඇත.
කොළඹ නගර කේන්ද්‍රිය සමරු උත්සව පැවැත්වීම වෙනුවට පසුගිය කාලය පුරාම පළාත්බදව ජනසහභාගිත්වයෙන් විරු සමරු පැවැත්වීම හදුන්වා දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 46වැනි අප්‍රේල් විරු සමරුව පවත්වන්නේ අවිස්සාවේල්ල, ගාල්ල හා කුරුණෑගල නගරවලදී බව එම පක්ෂය නිවේදනය කර ඇත. මෙම සැමරුම් වලට සමාන්තරව අප්‍රේල් අරගලය පිළිබද ෆ්‍රෙඩ් හැලිඩේ විසින් කළ විමර්ශනයක සිංහල පරිවර්තනය ‘අරගලයක උපත‘ කෘතියේ දෙවැනි මුද්‍රණයද ජනතාව අතට පත් කෙරේ.
71 අප්‍රේල් අරගලයට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ද මෙවර ගාල්ල, මොණරාගල හා මාතලේ යන ස්තානවලදී සමරු උත්සව පැවැත්වීමට කටයුතු කරන බව ජ.වි.පෙ. මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. මේ අතර 71 සහෝදරත්ව සංසදය විසින්ද අප්‍රේල් විරු සමරුවක් කොළම මහජන පුස්තකාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
Related News