தமிழ்
English
Contact
Tuesday 3rd April 2018    
ආණ්ඩුව ප‍්‍රහාරක යානා සහ අවි මිල දී ගැනීමට සැරසේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව ප‍්‍රහාරක යානා සහ අවි මිල දී ගැනීමට සැරසේ



රුපියල් බිලියන ගණන් වැය කරමින් ගුවන් හමුදාවට අලුතින් ප‍්‍රහාරක ගුවන් යානා සහ ආයුධ මිල දී ගැනීමට ආණ්ඩුව සූදානම් වේ.

රට තුළ යුදමය තත්වයක් නොමැති අවස්ථාවක මෙලෙස ආයුධ මිලදී ගැනීමට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉදිරියේදී ‘ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජනයකදී’ මුහුණ දීම සහ දැනට පවතින ප‍්‍රහාරක බලගණවල සාමාන්‍ය ආයු කාලය ගෙවී යමින් තිබීමයි. මීට අදාළ කැබිනට් පත‍්‍රිකාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබේ. රජයකින් රජයකට මිලදී ගැනීමේ පදනම මත බහු කාර්ය සටන් ගුවන් යානා නිෂ්පාදකයන්, සහාය නිෂ්පාදකයන්, බලයලත් රජයේ නියෝජිතයන්ගෙන් අභිලාෂය දැක්වීමේ ප‍්‍රකාශ ලබා ගැනීමට තීරණය කර ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ විය.

එම කැබිනට් තීරණය රාජය පුවත් වෙබ් අඩවියේ මෙසේ සටහන් කර තිබිණි.

“ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන්යානා බලගණවල සාමාන්‍ය ආයු කාලය ඉක්මවා ඇති අතර, ඒවා ශීඝ්‍රයෙන් භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙමින් පවතී. ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්ත්වයකට සූදානම්ව සිටීමේ සහ ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට අදාළ වන අයුරින් සාගරික ආරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, රජයකින් රජයකට මිල දී ගැනීමේ පදනම (Government to Government Basis) මත බහුකාර්ය සටන් ගුවන්යානා සැපයීම සඳහා උනන්දුවක් දක්වන ගුවන්යානා නිෂ්පාදකයින්, සහාය නිෂ්පාදකයින්, බලයලත් රජයේ නියෝජිතයින් වෙතින් අභිලාෂය දැක්වීමේ ප්‍රකාශයන් (Expressions of Interest) ලබාගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.“




Related News