தமிழ்
English
Contact
Monday 12th March 2018    
ආවේනික සතුන් වඳ වෙයි - මහනුවර මහා විනාශයක්  | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආවේනික සතුන් වඳ වෙයි – මහනුවර මහා විනාශයක් 



ශ්‍රී ලංකාවට පමණක් ආවේනික මහවැලි ගඟ ආශ්‍රිතව දිවි ගෙවන සත්ව විශේෂ රැසක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි පරිසරවේදීහු පවසති. මේ අතරින් ඇතැම් සත්ව විශේෂ ලෝකයෙන්ම ඇත්තේ මහනුවර මහවැලි නදිය අසල පමණි.

මහනුවර හැර ලංකාවේ අනෙක් ප්‍රදේශ වලද එම සතුන් දක්නට නැත. මේ මහා පරිසර විනාශය පිලිබඳ චෝදනා එල්ල වී තිබෙන්නේ මහනුවර මහනගර සභාවට සහ මහනුවර මහ රෝහලටයි.  මහනුවර නගරයේ සිට බැහැර කරන ඝන හා ද්‍රව අපද්‍රව්‍ය මෙන්ම වැසිකිළි අපද්‍රව්‍ය ද මහවැලි  ගඟට යොමු කිරීම සම්බන්ධයෙන් නගර සභාව කිසිදු පියවරක් ගෙන නැත.

විශේෂයෙන් වාහන අළුත්වැඩියා කරන සේවා මධ්‍යස්ථාන වලින් බැහැර කරන දැවිතෙල් සහ ඊයම් මිශ්‍රිත ජලය මැද ඇල හරහා මහවැළි ගඟට එකතුවීම නිසා ගඟ දුෂණය වී ඇති බව පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම පවසයි.මීට අමතරව ඝන අපද්‍රව්‍ය ලෙස රිජිෆෝම්, ඉලෙක්ටෝනික අප‍ද්‍රව්‍ය සහ යකඩ මහා පරිමාණයෙන් ගඟට බැහැර කරනු ලබයි.

රාජ්‍ය ආයතනයක් වන මහනුවර මහ රෝහලද සිය අපද්‍රව්‍ය සහ කැලිකසල බැහැර කරන්නේ මහවැලි ගඟට බවට ඔහු චෝදනා කරයි. මේ හේතුව නිසා මහවැලි  ගඟේ මත්ස්‍ය ගහණය විශාල වශයෙන්  අඩුවෙමින් තිබේ. ශ්‍රී ලංකාවට ආවේනික ‘‘ශ්‍රි ලංකා කොළ ගඩයා ’’ යන මත්ස්‍ය විශේෂය,

දුර්ලභ කටුසු විශේෂ හතරක්, සමනළ විශේෂ දහයකට ආසන්න ප්‍රමාණයක් හා ක්ෂිරපායි  සත්ව විශේෂ දහසයක් වඳවී යාමේ තර්ජනයට හසුව ඇතැයි අනාවරණය වී තිබේ.

“අපේ අධ්‍යනයන්ට අනුව මහවැලි ගඟේ  මත්ස්‍ය විශේෂ රැසක ඇස් පිහිටා නැහැ. කරමල් විකෘතිවීම්,වරල් විකෘතිවීම් තිබෙනවා.කලකට ඉහත දක්නට ලැබුන දුර්ලභ මත්ස්‍ය විශේෂ රැසක් මේ වන විට විනාශවී තිබෙනවා” පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම තවදුරටත් පවා ඇතැයි ජනරළ වාර්තා කරයි.

ප්‍රසන්න ජයවීර




Related News