ඉන්දීය අගමැති ඇතුළු 65ක පිරිසක් අද දින (11) සවස 5.40ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.
ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් පැමිණි ඉන්දීය අගමැති මෙරට දින දෙකක කාල සීමාවක් රැදී සිටිමින් මහනුවර, හැටන් ප්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතය. ඔහුගේ පැමිණීමත් සමඟ අද පස්වරු 6.00 සිට හෙට දින දහවල් කාලය වනතුරු කොළඹ නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඒ අනුව කටුනායක අධිවේගී මාර්ගය, බසේලයින් මාර්ගය, නෙලුම් පොකුණ, පිත්තල මංසන්දිය, කොල්ලුපිටිය, ගාලු මුවදොර, බෞධාලෝක මාවත ඇතුළු මාර්ග කිහිපයක් වාසා තබන බව පවසයි.
මෙම පැමිණීමත් සමඟ ETCA ගිවිසුම, ත්‍රිකුණාමල තෙල් ටැංකි බදු දීමට අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ද එකඟතාවයකට පැමිණීමට නියමිත බව විචාරයකින් විසින් පවසයි.

