Posted on 11.30.2017 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
එළැඹෙන 10 දින සිට ආරම්භ වීමට නියමිතව ඇති ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තිසර පෙරේරා ට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ තීරණයක් සමග තිසර පෙරේරා 2017 වසර තුළ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීඹට පත්කරන ලද හයවැනි නායකයා ලෙස පත්වනු ඇත. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර සහ උපුල් තරංග යන ක්‍රීඩකයින් පස් දෙනා මේ වසර තුල ශ්‍රී ලංකා කණ්ඩායම මෙයෙවීමේ වගකිම දරා ඇත.
කිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 125 කට ක්‍රීඩාකර ඇති අතර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 1441 කි.ඔහුගේ ලකුණු ලබා ගැනීමේ ෙසාමාන්‍යය 17.57 ක් බවද වාර්තා වේ. එම තරගවලදී ඔහු ලබා ගත්එක්දින කඩුලු සංඛ්‍යාව කඩුලු 133 කි. ඔහුගේ හොඳම පන්දු යැවීම වී ඇත්ා.් පාකිස්තානයට එරෙහිව ලකුණු 44 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්වීඹයි.
පසුගිය තකාලයේ උපුල් තරංග එක්දින කණ්ඩායමට නායතක්වය දෙනු ලැබුවත් ඔහුට අත්විදින්නට සිදුවිය තරග 22 කට නායකත්වය ලබා දෙමින් උපුල් ඉන් 16 පරාජය ලැබූ අතර තරග දෙකක් ජිය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ජය ගැනීමට හැකියාව ලැබුනේ තරග හතරක් පමණි. එවන් තත්වයක මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම අමිහිරි අත්දැකීම් සමුදායකට මුහුණදී ඇති අතර තිසර පෙරේරාට මෙවන් පසුබිමක ඔහුගේ කාර්යයභාරය සුළුපටු නොවනු ඇත.