Posted on 11.30.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
තවත් ප්‍රබල අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඊයේ දින උතුරු කොරියාව සමත්ව ඇති බව එරටින් වාර්තාවේ. මෙම නව මිසයිලය මෙතෙක් උතුරු කොරියාව විසින් අත්හදා බැලූ සාර්ථකම හා වඩාත් බල සම්බන්න ම්සයයිලය වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බලනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස මිසයිලයක් අත්හදා බැලීමෙන් පසුවයි. ඒ වගේම මෙම මිසයිලය අත්හදා බැලීම ඇමෙරිකා ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව ත්‍රස්තවාදයට සහාය දක්වන රටක් ලෙස නම් කිරීමෙන් පසුව සිදු කළ පළමු මිසයිලයයි අත්හදා බලීමද වන්නේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නොවැම්බර් 20 වැනිදා උතුරු කොරියාව ත්රස්තවාදයට රාජ්ය සහාය දක්වන රටක් ලෙස නම් කළේය. එයින් උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව උදා විය.
උතුරු කොරියාව විසින් ඊයේ අත්හදා බලන ලද මෙම නව බැලැස්ටික් මිසයිලය එක්සත් ජනපද භූමියට ළඟා විය හැකියාව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ ගුවන් ගත් කළ මෙම නව මිසයිලය කිලෝමීටර 4475 දක්වා ඉහළට ගමන් කළ බවත් මිනිත්තු 53ක කාලයක් තුල දුර කිලෝ මීටර් 950 ක් දක්වා ගමන් කර ජපාන මුහුදට පතිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.