එයාර් ඉන්ඩියා ගුවන් සමාගම පෞද්ගලික අංශයට
Posted on 06.26.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඉන්දීය රජයේ ප්‍රධානතම ගුවන් සමාගම වන එයාර් ඉන්දියා රාජ්‍ය සමාගම පෞද්ගලීකරණයට වත්මන් ඉන්දීය ආණ්ඩුව සැරසෙන බව වාර්තාවේ. මෙම නව යෝජනාව මගින් ඉන්දියානු රජය සතු එයාර් ඉන්දියානු සමාගමේ කොටස් පුද්ගලික සමාගම්වලට මිලදී ගැනීමට හැකියාව නිර්මාණයවේ.
මේ වනවිට සමාගම සතු සේවකයින් පමාණය 27000ක් පමණ වේ. පසුගිය ඉන්දීය ආණ්ඩුව විසින් 2012 වසරේ සිට සමාගමේ සේවකයිගේ වැටුප් කප්පාදුවක් සිදුකෙරිනි. එවකට සමාගම මුහුණදුන් ආර්ථික අර්බූදයට පිළියමක් වශයෙන්ම මෙම වැටුප් කප්පාදුව සිදු කළ බව පාලන අධිකාරිය ප්‍රකාශ කළේය. දැන් වත්මන් ආණ්ඩුව සමාගම නැවත පුද්ගලික අංශයට පැවරීමට යයි.
එසේ පවරනවානම් සිය හිග වැටුප් සමග තම දීමනා ලබාදිය යුතුබව ඉන්දීය ගුවන් සේවයේ ගුවන් නියමුවන් හා අනෙකුත් සේවකයින් පවසා ඇති බව වාර්තාවේ. හිගවැටුප් සමග දීමනා ගෙවීමට සමාගමට ඉන්දීය රුපියල් කෝටී 1200ක් පමණ වැය වන බව වාර්තාවේ. ඉන් කෝටි 400ක්ම ලබාදීමට නියමිතව ඇත්තේ සිය ගුවන් සමාගමේ නියමුවන්ට බවද වාර්තාවේ.
කෙසේ වෙතත් සමාගමේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඉන්දීය රැපියල් කෝටි 54,000ක් පමණ වන බව වාර්තාවේ. මෙම ණය මුදලට කෝටි 30,000 ක බැදුම්කරයක්ද ඇතුලත්ය.
මීට මාසයකට පමණ පෙර එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් විවිධ අංශවල සේවකයන්ගෙන් සමන්විත වෘත්තීය සිමිති 07ක් මෙම සමාගම පුද්ගලීකකරණයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්ද පවත්වනු ලැබීය.
Related News