தமிழ்
English
Contact
Monday 18th December 2017    
එ.ජනපදයේ ළමා සියදිවි නසා ගැනීම් හා තැත් කිරීම් දෙගුණවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එ.ජනපදයේ ළමා සියදිවි නසා ගැනීම් හා තැත් කිරීම් දෙගුණවේ



වයස අවුරුදු 5-17 අතර වයසේ පසුවන එක්සත් ජනපදයේ ළමා සියදිවි නසා ගැනීම් හා දිවි නසා ගැනීමට තැත් කිරීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. 2008 වසරෙ පැවැති තත්වයට වඩා 2015 වසර වන විට මෙම ප්‍රවණතාවය දෙගුණවී ඇති බව වාර්තාවේ.

මෙසේ ළමා සියදිවි නසා ගැනීම්වලට මූලිකම හේතුව ලෙස එම පරීක්ෂණ සිදු කළ කණ්ඩායම පවසන්නේ කුඩා කාලයේ සිටම පවුල් ආරවුල්, මානසික පීඩාව හා සමලිංගික සම්බන්ධතා  වැනි ගැටලු හා ළමයින්ට ඇතිවන ආර්ථික පීඩාව හා සමාජමය පීඩාකාරීතත්වය කැපී පෙනෙන බවයි.

එක්සත් ජනපදය තුල ඇති ළමා රෝහල් 32 ක් තුල පසුගිය වසර කිහිපය තිස්සේ සිදු කරන ලද සමීක්ෂණයකින් පසුව මෙම ඉතා අණතුරුදායක තත්වය හෙළිව ඇති බව වාර්තාවේ.

නව පාරිභෝනවාදී ආර්ථික රටාව තුල වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇති ළමා පරපුරට ලොව පුරාම මෙම තත්වය අත්කර දී ඇති බව පෙනී යයි.




Related News