එ.ජා.ප. නියෝජ්‍ය නායක තනතුර දෙන්න රනිල් පොරොන්දු වුණා – සරත් ෆොන්සේකා
Posted on 05.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ඇතුළුව තවත් තනතුරු කිහිපයක්ම දීමට යෝජිතව පැවති බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිව සිටියදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මෙම අදහස් පළ කළේය. ඔහු පෙන්වාදෙන්නේ තමාට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දැනුම් දී තිබූණු බවයි. ඒ නිසාම පක්ෂයේ කිහිපදෙනෙකු පමණක් ඊට එරෙහිව ක්‍රියා කරන බව තමාටද වැටහී ඇති බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේය. තමන්ට එසේ තනතුරු දෙනවාට පක්ෂයේ ඇතැම් අය අකැමති වුවද පදවියක් තිබුණත් නැතත් තමන් කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂයේ හැමෝම දන්නා බවත්, ඒ නිසා තමන් තනතුරු ඉල්ලමින් පසුපස නොයන බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය දිනවල වාර්තා වූ ආකාරයට ආන්ඩුවට අභියෝගයක් වන දේශපාලන පෙළගැසීම්, වැඩ වර්ජන හා උදඝෝෂන මර්දනය කිරීම සදහා යම් විශේෂ ආයතනයක වගකීම සරත් ෆොන්සේකාට භාරදියයුතු බවට ජනාධිපතිවරයා යෝජනා කර තිබිණී. කෙසේවෙතත් ඒ පිළිබද කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් විසින් විවිධ අදහස් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන ලදී.
සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ කළ ආරාධනාවකට අනුව බව ඔහු ඒ දිනවල ප්‍රකාශ කර සිටියේය. 2009 වසරේ සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනය සිදුවූයේ විවිධ පාර්ශ්ව විසින් ඔහුට දේශපාලනයට එන ලෙස කළ ආරාධනා නිසා බව හිටපු හමුදාපතිවරයා පවසා තිබිණි. කෙසේවෙතත් සරත් ෆොන්සේකා යනු හුදු තමන්ගේම අරමුණුවලට පමණක් දේශපාලනයේ යෙදෙන අයකු නොවන බව මෙයින් පෙනී යන්නකි.
Related News