ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු ඇතුළු සිවු දෙනෙක් රිමාන්ඩ්
Posted on 05.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිවු දෙනෙකු අද දින (23) ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට ඉදිරිපත් වූ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාර කර ඇත.
ඉකුත් මස 24 වන දින නැගෙනහිර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරතුර එම විරෝධතාවය වළක්වමින් අධිකරණය විසින් ඉදිරිපත් කරන ලද තහනම් නියෝගය පොලිසිය ඉදිරිපිට ඉරා, පාගා දැමීමෙන් අධිකරණයට අපහාස කළ බවට ගොනු කරන ලද නඩුවේදී ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කෙසේ වෙතත් රාජපක්ෂ ආණ්ඩුව සිය අවසන් කාලසීමාව තුල විරෝධතා මැඩපවත්වන්නට කළ ආකාරයට වත්මන් හවුල් ආණ්ඩුව විසින් අධිකරණය හරහා මෙලෙස වාරණ නියෝග ලබා ගනිමින් විරෝධතා මර්දනය කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
Related News