தமிழ்
English
Contact
Monday 30th April 2018    
කැලනිය සරසවි සිසුන් පැහැරගැනීමේ උත්සාහය වරදී! « Lanka Views | Views of the truth

කැලනිය සරසවි සිසුන් පැහැරගැනීමේ උත්සාහය වරදී!



ඊයේ (ජුලි 12) දින අලුයම 3.00ට පමණ ආහාර ගැනීම සඳහා අවන්හලකට ගිය කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පොලිස් නිලධාරින් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමට තැත් කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ 2017 වර්ෂයේ ප‍්‍රථම සමාසිකයේ අවසන් කාලසීමාව නිසා ප‍්‍රථම අර්ධ වාර්ෂිකයට ආදාළ විභාගයට මුහුණ දීම සඳහා මේ දින වල විශ්වවිද්‍යාලයේ කියවීම් ශාලාවල පාන්දර වන තුරු පාඩම් කිරීම හා පැවරුම් සැකසීමේ කටයුතු සිසුන් විසින් සිදු කරයි. මෙහිදි ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පාඩම් කරමින් සිටි සිසුන් කිහිපදෙනෙක් පාන්දර විශ්වවිද්‍යාලය ආසන්නයේ ඇති අවන්හලක් වෙත ආහාර ගැනීම සඳහා ගොස් ඇති අතර ඒ අවස්ථාවේදි පොලිස් නිලධාරින් කිහිප දෙනක් පැමිණ සිසුන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා ඇත. එහිදි සිසුන් තිදෙනක් අත හැඳුනුම්පත් තිබි නැති අතර පාඩම් කරමින් සිටින අතර පැමිණි නිසා හැදුනුම්පත් නොගෙනා බව පැවසු විට එම සිසුන් බලහත්කාරයෙන් පොලිස් නිල රථයට පටවා ගැනීමට උත්සහ කර ඇත.

මෙහිදි සිසුන් විරෝධය දැක්වු විට තවත් පොලිස් නිලධාරින් පිරිසක් ගෙන්වා ගෙන තර්ජනය කර ඇත. මෙහිදි අවන්හලේ තවත් මිනිසුුන් සිටිද්දි ඔවුන්ගෙන් පමණක් හැඳුනුම්පත් පරික්ෂා කරන්නේ සිසුන් විමසා තිබේ. එවිට පොලිස් නිලධාරින් තරජනාත්මකව පවසා ඇත්තේ “තොපි පාන්දර වෙනකම් රාජ්‍ය වීරෝධි පෝස්ටර් ඇදලා තමයි දැන් කන්න එන්නේ. ඒ නිසා තමයි අත්අඩංගුවට ගන්නේ“ යනුවෙනි. කෙසේවෙතත් සිසුන්ගේ දැඩි විරෝධතාවය මත පොලිස් නිලධාරින් එම සිසුන් නැවත මුදා හැරිමට කටයුතු කර ඇත.

පසුගිය දිනක රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු පොලිස් නිලධාරින් යැයි කියාගත් ගිනි අවියක් රැගත් දෙදෙනකු විසින්  මහමඟදි පැහැර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.




Related News