தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
කිම් ජෝන් අන් ඝාතනය කිරීමේ දකුණු කොරියානු සැලසුම හෙළිවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කිම් ජෝන් අන් ඝාතනය කිරීමේ දකුණු කොරියානු සැලසුම හෙළිවේ



උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් ඝාතනය කිරීමට හිටපු දකුණු කොරියානු හිටපු ජනපතිනිය සැලසුම් කළ බව ජපාන පුවත් පතක් හෙළි කරයි.

පාක් ගුවෙයින් හයි විසින් 2015 වසරේදී උතුරු කොරියානු නායකත්වය වෙනස් කිරීමට අදාල ලියකියවලිවලට අත්සන් තබා ඇති බවද අෂායි ශින්බුන් පුවත්පත හෙළිකර තිබේ. එයට අදාල ඝාතන සැලසුම් දකුණු කොරියානු බුද්ධි අංශ විසින් සකස්කර ඇතැයි අනාවරණයවේ.

කෙසේ වෙතත් පාක් ගුවෙයින් හයිට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීමෙන් පසුව ඇයට විරැද්ධව දෝෂාභියෝගයක් එරට පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසුව ඇයව සිය ධූරයෙන් ඉවත් කරන ලැබූවාය. මෙම ඝාතන සැලැසුමට අනුව උතුරු කොරියානු නායකයා ගමන් කරන වාහනය ඉලක්ක කර ප්‍රහාරයක් හෝ නැතිනම් ඔහු ගමන් කරන දුම්ර්ය මැදිරිය ඉලක්කකර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබූ බවට එම පුවත් පත් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම තත්වය දෝෂාභියෝගයෙන් පසුව බලයට පැමිණි ජනාධිපති මූන් ජේ ඉන් මෙම සැලසුමට එකගතාවක් නොමැති බවද එම පුවත් පත වැඩිදුරටත් හෙළිකර ඇත.

පසුගිය මැයි මස උතුරු කොරියාව සිය නායකයා ඝාතනය කිරීමේ උත්සාහයක් තම බුද්ධි අංශවලට ලැබුනු තොරතුරුවලට අනුව එම ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට හැකිවූ බව හෙළි කර තිබුනි. එහිදී හෙළිව තිබුනේ සිය නායකයා ඉලක්ක කර දකුණු කොරියානු රජය එම කුමන්ත්‍රණය පසුපස සිටින බවට චෝදනා කර තිබුනි.

ජීව රසායනික ප්‍රහාරයක් මගින් එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ බවට උතුරු කොරියාව චෝදනා කොට තිබුනි.




Related News