මේ දිනවල විභාග වන හිටපු නවසීලන්ත සුපිරි තුන් ඉරියව් කී‍්‍රඩක කි‍්‍රස් කේන්ස් සම්බන්ධ නඩුවක් මුල් කරගෙන තරග පාවාදීම් හා සම්බන්ධව කි‍්‍රකට් ලොව ප‍්‍රබලයන් කීපදෙනකුගේම නම් ඈඳී තිබේ.
ලන්ඩන් නුවර සවුත්වෝක් ක‍්‍රවුන් අධිකරණයේ ඇසෙන එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නවසීලන්ත වත්මන් නායක බ්‍රෙන්ඩන් මැකලම් හිටපු නායකයන් වන ඩැනියෙල් විටෝරි සහ ස්ටීවන් ෆ්ලෙමින් හිටපු ඕස්ටේ‍්‍රලියානු නායක රිකී පොන්ටින්ද නම් කර ඇත. මීට අමතරව හිටපු නවසීලන්ත කී‍්‍රඩකයන් වන ලූ විල්සන්, ඩැරල් ටෆී, අන්ද්රේ ඇඩම්ස්, කයි මිල්ස්, ෂේන් බොන්ඞ්, කි‍්‍රස් හැරිස් මෙන්ම අයි.සී.සී. දුෂණ මර්දන හා ආරක්ෂක ඒකකයේ ප‍්‍රධානී රොනී ෆ්ලෙනෙගන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුද කේන්ස්ගේ හිටපු බිරිඳද අධිකරණයට කැඳවීමට නියමිතය.
කලක් කේන්ස්ගේ සමීපතම මිතුරකු වූ ඉන්දියාවේ අයි.පී.එල්. නිර්මාතෘ ලලිත් මෝඩි පසුව ඔහු හා විරසක විය. 2010දී මෝඩි තමන්ගේ ටිවිටර් ගිණුමේ කි‍්‍රස් කේන්ස් තරග පාවාදෙන්නකු බව සඳහන් කර තිබුණි. 2008දී අයි.පී.එල්. පටන් ගැනීමටත් පෙර ඉන්දීය කි‍්‍රකට් ලීග් නමින් ආරම්භ වූ තරගාවලියේදී චන්දිගාර් ලයන්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ කේන්ස් විසිනි. එම තරගාවලිය සංවිධානය කළේ ලලිත් මෝඩි සහ කපිල් දේව් ඇතුළු ඉන්දීය කි‍්‍රකට් ප‍්‍රබලයන් කිහිපදෙනෙකි. එම තරගාවලියේදී කේන්ස් තරග පාවාදීමේ නිරත වූ බව මෝඩි වාර්තා කර තිබුණි. මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරමින් කේන්ස් අධිකරණයට ගිය අතර ලලිත් මෝඩිගෙන් අධිකරණ ගාස්තු මෙන්ම තම කීර්තිනාමයට වූ හානියටද වන්දි ලබාගැනීමට කේන්ස්ට හැකි විය. කෙසේනමුත් තරග පාවාදෙන්නකු බව ඔප්පු වී පසුගිය වසරේදී ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක් වූ හිටපු නවසීලන්ත ආරම්භක පිතිකරු ලූ විල්සන් අයි.සී.සී.යේ දුෂණ මර්දන ඒකකයට ලබාදුන් කටඋත්තරය තුළ තමන්ව තරග පාවාදීමට යොමු කළේ කි‍්‍රස් කේන්ස් බව කියැවුණි. ඉන් පසු බ්‍රෙන්ඩම් මැකලම්ද දුෂණ මර්දන ඒකකය ඉදිරියේ කේන්ස් පිළිබඳව මෙවැනිම ප‍්‍රකාශයක් ලබාදුනි.
ලූ විල්සන්ගේ හා මැකලම්ගේ ප‍්‍රකාශවලින් පසුව මෝඩිට එරෙහිව 2012 ලන්ඩන් නඩුවේදී අධිකරණය නොමඟ යවමින්
අසත්‍ය තොරතුරු පැවසූ බවට චෝදනා කරමින් නැවතත් කි‍්‍රස් කේන්ස්ට එරෙහිව ලන්ඩන් නඩුව දිග හැරුණි. මේ වන විට ලූ විල්සන්, බ්‍රෙන්ඩම් මැකලම්, අන්ද්රේ ඇඩම්ස් හා කයි මිල්ස් මෙම නඩුවේ සාක්ෂි ලබාදී තිබෙන අතර ඔවුන් සිව් දෙනාගේම ප‍්‍රකාශවලින් කේන්ස් තරග පාවාදෙන්නෙක් බව කියැවේ. එසේම ඔවුන් මෙතෙක් මේ තොරතුරු වසන් කර සිටීමද සැක මතු කරයි. එසේම මොවුන් උපයා ගත් වත්කම්ද ප‍්‍රශ්න කෙරෙමින් පවතී. 2008 පළමු අයි.පී.එල්. තරගාවලියේදී කොල්කටා කණ්ඩායමට කී‍්‍රඩා කරද්දී බ්‍රෙන්ඩම් මැකලම්ට පළමු වරට මෙසේ තරග පාවාදීමේ යෝජනාවක් ගෙන ආ බවත් කොල්කටා කණ්ඩායමේ තවත් සාමාජිකයකු වූ රිකී පොන්ටින්ටද මෙම යෝජනාව කරන ලෙස කේන්ස් ඉල්ලා සිටි බවද මැකලම් අධිකරණය ඉදිරියේ කියා ඇත. එසේ තරග පාවාදෙන එක් අවස්ථාවකට ඩොලර් 70,000 සිට 180,000 දක්වා මුදල් ලබාගත හැකි බවද කේන්ස් පැවසූ බව මැකලම් කියා ඇත.
කි‍්‍රකට් ලොව ප‍්‍රබලයන් වන මැකලම්ලා පොන්ටින්ලා මෙතෙක් වසන් කර සිටි සත්‍යය එළිදරව් කිරීමට ඔවුන්ට සිදු වූයේ එය තවදුරටත් හෙළිදරව් නොකිරීමෙන් තමන්ටද ගැලවුමක් නොමැති බව දැනුණු නිසාවෙන්ද? ඔවුන් තවදුරටත් හෙළි නොකළ සිදුවීම් කොපමණ තිබේද? මෙවැනි සැක සංකා රාශියක් සමඟින් මෙම නඩුව කි‍්‍රකට් ලොව කලඹමින් ඉදිරියට ඇදෙයි. හිටපු කීර්තිමත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන ලාන්ස් කේන්ස්ගේ පුත් කි‍්‍රස් කේන්ස් 1991 සිට 2006 දක්වා නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 62ක් හා එක්දින තරග 215ක් නියෝජනය කළ අතර තරග කිහිපයකට නායකත්වයද ලබාදුනි. ඇඩම් ගි‍්‍රල්කි‍්‍රස්ට් විසින් බිඳ දැමූ ටෙස්ට් තරගවල වැඩිම හයේ පහර වාර්තාවද කලක් පැවතුණේ කේන්ස්ගේ නමටය. ඉයන් බෝතම්ට පසුව ලොව බිහිවූ දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා ලෙසද කේන්ස්ව හැඳින්විණි. මේ කඩවසම් කී‍්‍රඩකයා කලක් කි‍්‍රකට් ලෝකයේ සිහින කුමාරයෙක් විය. ඔහුගේ සුපිරි දක්ෂතා සහ සුන්දර පෙනුම අසුන්දර මුදලට යට වී දුෂිත වී ඇති බවට දැන් ඔප්පු වෙමින් පවතී. තවදුරටත් ශුද්ධ වූ කී‍්‍රඩාවක් මෙන්ම ශුද්ධ වූ කී‍්‍රඩකයන්ද නොමැති බව කි‍්‍රස් කේන්ස් ලොවට කියා සිටී.
උපුටා ගැනීම ජනරළ පුවත්පත