தமிழ்
English
Contact
Saturday 24th March 2018    
චීනය සූදානම් වන්නේ ලංකාවත් 'මුතු පොටට' අමුනන්නද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීනය සූදානම් වන්නේ ලංකාවත් ‘මුතු පොටට’ අමුනන්නද?



වරාය යනු රටක හදවත බදු බවට මතයක් තිබේ. පූර්ව යටත් විජිත සමයේ ලෝකයේ වෙළදාම දියුණුවීමත් සමග වරායන් සහ මුහුදු මාර්ග අත්පත්කර ගැනීමේ තරගය නිසා රාජ්‍යයන් අතර වසර ගණන් දිග්ගැසුණු බිහිසුණු යුද ගැටුම් සිදු විය. එහෙත් ගුවන් යානා තාක්ෂණය දියුණුවීමෙන් වරාය සතු සුවිශේෂි වැදගත්කම අවප්‍රමාණ විය. කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහනය අතින් තවමත් ප්‍රමුඛ වන්නේ වරායයන් බවට විවාදයක් නැත. ඒ නිසාම තවමත් ලෝකයේ වෙළෙද ක්‍රියාදාමයේ මර්මස්ථාන වන්නේ වරායන් හා මුහුදු මාර්ගයන්ය.

කෙටියෙන් කිවහොත් ලංකාවේ විදේශ සබදතා සහ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ ආරම්භක පුරුක් ලෙස ලංකාවේ පිහිටි වරායයන් විශේෂ වැදගත් කමක් උසුලයි.මේ පූර්ව අවබෝධය අපට වැදගත් වන්නේ ආර්ථික වශයෙන් මෙන්ම ආරක්ෂාව අතින් ද ලංකාවට අතිශය වැදගත් වරාය සම්බන්ධ වර්තමාන සැලසුම් හා ලෝක දේශපාලනයට එහි ඇති සබදතා වටහා ගැනීමටය. චීනය විසින් ඉන්දිය සාගරය කේන්ද්‍ර  කරගෙන සැලසුම් කළ ‘ඉන්දිය සාගර මුතුපොට‘ මෙහිදී මුලින්ම අවධානයට ලක් වේ. විශේෂයෙන් ලංකාවේ වරායයන් අත්පත්කර ගැනීම සඳහා චීන රජය සැලසුම් කර ඇති බවට හෙළිදරව් වන කරුණු ප්‍රමාණයක් තිබේ.

හොල්සිම් සමාගමේ හිමිකාරීත්වය සහිත ලෆාර්ජ් බහුජාතික සමාගම එයින් ඉවත්වන්නට තීරණය කර තිබේ. ස්වීඩන් හා ජර්මන් හිමිකාරත්වයක් සහිත මෙම මව් සමාගම කලාපීය වානිජ කටයුතුවලින් බැහැරවන තීරණයක් ගෙන ඇත්තේ චීනය වැනි අක්‍රමණශීලී ප්‍රාග්ධන කඩාවැදීම්වලට මුහුණ දීමට ඇති සැලැස්මක් නිසා විය හැකිය. ඒ අනුව, ජාත්‍යන්තර ලන්සුවලට විකිණීමට තීරණය කර ඇති හොල්සිම් සිමෙන්ති සමාගම මිලදී ගැනීමට, ඉදිරිපත්ව ඇත ‘චයිනා රිසෝසස් ව්‍යාපාරික සමූහය‘ මෙම සිමෙන්ති සමාගම මිලදී ගැනීමට චීනය කොතරම් උනන්දු වන්නේද යන්න මෙහිදී  සනාථ වී තිබේ. හොල්සිම් සමාගම විකුණා දැමීමට නියමිත මුදල වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 180කි. ඒ වෙනුවෙන් ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ව්‍යාපාරික ආයතන සූදානමින් සිටියද තත්වය පහසු වී නැත. චීන සමාගම, එසේ නම් කළ වටිනාකම මෙන් දෙගුණයක ලන්සුවක් තබා තරගය අවසන් කරමින් අත්පත් කරගැනීමේ වාණිජ මෙහෙයුමක යෙදී සිටී. ඒ අනුව චීනයේ සූදානම හොල්සිම් සමාගම සිය මෙහෙයුම් සිදු කරන කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ හම්බන්තොට යන වරාය ආශ්‍රිත මෙහෙයුම් කරන්නට අවස්ථාව උදාකරගැනීමය. ඒ හරහා වරාය තුළ ප්‍රධාන වාණිජ මෙහෙයුම්කරු බවට පත්වීම දුෂ්කර නොවනු ඇත.

මේ අන්දමින් ලංකාවට අතිශය තීරණාත්මක වරාය හතරක් තුළ සක්‍රිය හැකියාවක් ඇතිකර ගැනීමට චීන සමාගම් කටයුතු කිරීම ලංකාවට පමණක් නොව සමස්ත කලාපයටම තර්ජනයක් බව පවසා මේ වන විට ඉන්දියාව විරෝධය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. හම්බන්තොට වරායේ කටයුතුවලට මැදිහත් වෙමින් සිටි චීනය මෙරට වරාය අත්පත්කර ගැනීමේ සූදානම පිළිබඳ එක්සත් ජනපදය ද දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි චීන විදේශ ඇමැති වැන්ග් යී, ජූලි 09 වැනිදා අගමැති රනිල් වික්රංමසිංහ සමග සාකච්ඡාවක නිරත වූ බව ජනමාධ්‍ය  වාර්තා කළේය. ලංකාව හා චීනය අතර පවතින සබඳතා අන් කිසිදු රටකට තර්ජනයක් හෝ බාධාවක් නොවන බව  චීන විදේශ කටයුතු ඇමතිවරයා එහිදී ජනමාධ්යට අමතමින් ප්රබකාශ කළේය. චීනය හා ලංකාව අතර ඓතිහාසික සබඳතාවක් තිබෙන බව සලකමින් ලංකාවේ කටයුතු සඳහා චීනය සෑම සහයෝගයක්ම ලබාදෙන බවට පොරොන්දු වන බවද ඔහු පවසා තිබිණි.

ද්විපාර්ශ්වීක සාකච්ඡාවලින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම කරුණු පැවැසීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ චීන විදේශ කටයුතු අමාත්යු වෑන්ග් යී, 21වැනි සියවස වෙනුවෙන් චීනය සතු ආර්ථික හා දේශපාලන තලයේ උපායමාර්ගය සම්බන්ධ අදහස් පළ කළේය.

“අප විසි එක්වැනි සියවසේ සේද මාවත ඉදිකිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. රටවල් දෙක අතර ආර්ථික කටයුතු ශක්තිමත් කර ගැනීමට එය උපකාර වනවා. ලංකා ආණ්ඩුව මේ වනවිටත් ක්රිඅයාත්මක කරමින් සිටින පස්වසරක සංවර්ධන සැලැස්මට ඊට අනුව සංසන්දනය කළ හැකියි. දෙරටේ ආර්ථික කටයුතු වර්ධනය කරගැනීමේ අරමුණින් කරණ මේ කටයුතු නිසා ලංකාවට ආසියාවේ නාවුක කේන්ද්රකස්ථානයක් බවට පත්වීමේ හැකියාව හා අවස්ථාව හිමිවී තිබෙනවා. සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව ක්‍රියාත්මක කරන කටයුතුවලදී අපි සෑම සහයෝගයක්ම ලබාදෙනවා. ඒ ඔස්සේ ලංකාවට ස්වාධීනව නැගී සිටීමේ අවස්ථාව උදා වෙනවා.“

මෙවැනි ආකර්ෂණීය අදහස් පළ වුවද ඇත්ත වශයෙන්ම චීන-ලංකා සබදතා පවතින වානිජ මට්ටම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. මේ වන විටත් චීනය ලංකා ආර්ථිකයේ තීරනාත්මක අංශවල පය තබා තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහ චීනයේ කළ සංචාරයේදී කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය නැවත ආරම්බ කිරීමට අමතරව ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කිරීමේ කරුනු රාශියක් සාකච්ඡා කර ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කරන ලදී.

china-silk-road

ඓතිහාසික ගොඩබිම් සේද මාවත සහ නව සාමුද්‍රික සේද මාවත

‘ඉන්දිය සාගර මුතුපොට‘  ඇමිනීමට ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බව චීන බලධාරීහු එහිදී අගමැතිවරයාට අවධාරනය කර තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින්විසින් 2013 හදුන්වා දුන් ‘Belt and Road Initiative’ ක්‍රියාදාමය වෙනුවෙන් ලංකාව ප්‍රමුඛ දායක රාජ්‍යයක් බවට සලකුනුකර ඇති බව පැහැදිලිය. මධ්‍යම ආසියාව හරහා දිවෙන පැරනි ගොඩබිම් සේද මාවත ඔස්සේ රාජ්‍ය හා වානිජ සබදතා තරකරගැනීමත් (Silk Road Economic Belt) අප්‍රිකා මහද්විපයේ ස්වභාවික සම්පත් වෙත ළගාවන්නට ‘සාමුද්‍රික සේදමාවතක්‘ බිහිකිරීමත් (21st-Century Maritime Silk Road) එකී ක්‍රියාදාමයට අයත්ය. 21වැනි සියවසේ නාවික සේද මාවත බිහිවනු ඇත්තෙ හම්බන්තොට වරාය හා මාලදිවයින ඔස්සේය.  නිදහස් වෙළෙද ගිවිසුම් (China-Sri Lanka FTA) සදහා සාකච්ඡා කිරීමට අවශ්‍ය බව අගමැතිවරයාට චීන සංචාරයේදී නිල වශයෙන් දන්වනු ලැබිණි. මහින්ද රාජපක්ෂ පාලනය තුළ මේ සදහා කළ මූලික පදනම දැමීම ආණ්ඩු පෙරළිය, රාජ්‍ය නායක සබදතා යළි පිහිටුවාගැනීම සහ ‘වරාය නගර ව්‍යාපෘතිය‘ කෙටිකලකට අත්හිටුවීම නිසා නැවත ආරම්භ කරන්නට සිදුව ඇත. ආර්ථික, සංස්කෘතික, තාක්ෂණික හා විද්‍යා ක්ෂ්ත්‍රයන්හිදී පමණක් නොව ජනයා අතර සබදතා තුලින්ද සහයෝගිතාව ගොඩනැගීමට අවශ්‍ය බව චීන සංචාරයේදී අගමැතිවරයා වෙත දන්වනු ලැබුවේ එම නිසාය. ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සදහා මුල්‍ය පහසුකම් ශක්තිමත් කිරීමට දේශීය බැංකු සමග සබදතා වර්ධනය කරන්නට චීනය අදහස් කරයි. කොහොමටත් චීන ආයෝජන වැඩි වැඩියෙන් ගෙන්වාගැනීම තම සංචාරයේ අපේක්ෂා අතර ඇති බව අගමැතිවරයා ප්‍රසිද්ධියේ පවසන ලදී. දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමිවන ක්‍රම ගැන සාකච්චා කිරීමේ අපේක්ෂාව චීන සංචාරය අවසනදී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ සටහන්ව ඇත.

ප්‍රවාහන, බලශක්ති, කර්මාන්ත කලාප වැනි යටිතල පහසුකම් සංවර්ධනයටත් නිෂ්පාදන කර්මාන්තවලටත් ආයෝජනය කිරීමට චීනයට ආරාධනා කරන බව මෙහිදී අගමැතිවරයා විසින් සදහන් කරන ලදී. ද්විපාර්ශ්වික සාකච්ඡාවල මීළග අවස්ථාව හැකි ඉක්මනින් ආරම්භ කිරීමට අදහස් පළ වුවද චීන විදේශ ඇමැතිවරයා ලංකාවට පැමිණියේ ඒ සදහා දැයි නිශ්චිත කර නැත. ආරක්ෂක, සංචාරක, සෙඛ්‍ය, කෘෂිකර්ම, ජලසම්පාදන ක්ෂේත්‍රවල ආයෝජනවලට චීනයේ අදහසක් ඇති බවද පළ වූය් අගමැතිවරයා අප්‍රේල් මස 9වැනිදා අවසන් කළ චීන නිලසංචාරයේදීය.

මේ අනුව, චීනය ලංකාවේ ආර්තිකයට මැදිහත්වීමේ සීමාවක් නොමැති බව පෙනී යයි. අගමැති රනිල් වික්‍රමසිංහ සිය සංචාරයේදී ගිවිසුම් ගණනාවක් අත්සන් කර පැමිණි අතර විදේශ ඇමතිවරයා මෙරටට එවමින් චීනය අපේක්ෂා කරන්නේ තවදුරටත් සබදතා වර්ධනය කිරීම පමණක් නොවන බව පැහැදිලිය. සබදතා වර්ධනය යන වචන දෙක තුළ සිදුවන්නේ පොදු අදහසක් ප්‍රකාශ වීම පමණකි. ඇත්ත වශයෙන්ම ඒ සබදතා යනු ප්‍රාග්ධන ක්‍රියාදාමයකි. ආයෝජන, වෙළෙද ගිවිසුම් තුළින් ඇත්ත සබදතා ක්‍රියාදාමය පෙනෙන්නට පටන් ගනී. හොල්සිම් සමාගමේ ගනුදෙනුව පමණක් නොව, රාජපක්ෂ ආණ්ඩුව කාලෙය්ම පටන්ගත් හම්බන්තොට වරාය, කෙළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති ද්විපාර්ශ්වික සබදතාවල සැබෑ පෙනුමය. එහෙත් ඒවා දැවැන්ත ගොඩනැගිලි ආකර්ශනීය මංමාවත් හා තාක්ෂනික පිමි වශයෙන් විස්තර කිරීමෙන් ආශ්චර්යට වසග විය නොහැකිය. මන්ද යත් මේ ප්‍රාග්ධන ක්‍රියාදාමය තුළ ජනතාව ණය උගුලට ඇද දැමීම ශ්‍රම සූරාකෑමේ අදියරයන් තීව්‍ර වීම ඒ පෙනුමට යටින් ඇති හරයයි.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පමණක් සලකා බලන විට එහි වානිජ මෙහෙයුම් ප්‍රමාණයක් චීන සමාගම්වලට හිමිව තිබේ. චීනය ‘ඉන්දිය සාගර මුතුපොට‘ අමුනන්නට ලංකාවේ සහයෝගය ලබාගන්නේ ඇයි? ලංකාවේ පිහිටීම නිසා ලංකාවේ වරායන් උපයෝගී කරගෙන අතීතයේ සිටම වෙළෙද නැව් ගමන් කර ඇත. ලංකාවේ වරායන් ලෙස කොළඹ, ගාල්ල, ත්‍රිකුනාමලය, මඩකලපුව ලෝකයේ අවධානයට ගෙනාවේ අරාබි වෙළදුන්ය. එසේ වෙළෙද ඒකාධිකාරය සතුකරගෙන සිටි අරාබි වෙළදුන්ගේ බලය බිද චීනය විසින් ඉන්දිය සාගරයේ ආධිපත්ය  ගත් අවස්ථා තිබිණි. ලංකාවට කෝට්ටේ යුගයේ ආක්‍රමණ එල්ල කෙරුනේද අරාබි වෙළදුන් සමග තිබුනු සබදතා අත්පත් කරගැනීමට චීන අධිරාජ්‍ය කටයුතු කළ නිසාය. ඉන්පසුව ආසියාවේ වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ශක්‍යතාව හේතුවෙන් සියවස් ගණනක යටත් විජිත හා නව යටත්විජිත ක්‍රියාදාමයට හේතු විය. ඉදිරියේදී සිදුවන්නේ එම පැරණි ආක්‍රමණික ක්‍රියාදාමයම යැයි කියන්නට අවශ්‍ය නැත. ආර්තික සංවර්ධනයේ ද්විපාර්හ්වික සහයෝගිතාව නම් රසවත් අදහසකින් චීනය අපට ආරාධනා කරයි. අපගේ පාලකයන් ඉතා කැමැත්තෙන් එහිදී අවනත වන බව දකිමු.

එහෙත් අමුම අමු ඇත්ත වන්නේ ‘ඉන්දිය සාගර මුතුපොට‘ යනු වචනයේ අරුතින් පමණක් දිලිසෙන යමක් පමණක් නොවන බවය. එය බිහිසුනු රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිවිරෝධතා සහ ආර්ථික අර්බුද විසින් අපගේ ජීවිත මත පුපුරා යන ගිනියම් වේදනාවක්ද වන්නට නියමිතය.




Related News