චීනෙන් ණය ඉල්ලයි

Malik-Samarawickrama

චීන රජයෙන් ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඇමැති මලික් සමරවික්‍රම මහතා පවසයි. චීනයේ සංචාරයක නිරත වූ ඔහු චීන සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ තවත් නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡා පවත්වා තිබේ. මෙම ණය මුදල ලබා ගැනීමට අදහස් කරන්නේ හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට බවද ඇමැතිවරයා සඳහන් කරයි.